පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට | දිනමිණ

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් හා කැබ් රථයක් සුරියවැව වල්සපුගල  පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද (15)  අත්අඩංගුවට ගෙන තිබේ.
 
සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින්ට ලද ඔත්තුවකට අනුව සිදුකල වැටලිමකදි මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
 
හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් කරමින් තිබු කැබ් රථයක් නවත්වන ලෙස සංඥා කලද එය නොනවත්වා ධාවනය කර ඇති අතර විශේෂ කාර්ය බළකා නිළධාරීන් කැබ් රථය පසු පස හබාගොස් කැබ් රථය නවතා සිදු කළ පරික්ෂාවකදී කැබ් රථයේ තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව සදහන්.
 
කැබ් රථයේ තිබී ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝ 25 කොට්ට 09ක්,අධිබළැති පුපුරණ ද්‍රව්‍යක් වන ජෙලට් නයිට් කූරු 196ක්,විදුලි ඩෙටනේටර් 100ක් හා කුඩා ලොරි රථයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බන්තොට පොලිසියට බාර දි ඇත.
 
පුපුරණ ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 
සුරියවැව විශේෂ - (නුවන් ජයසේකර)

නව අදහස දක්වන්න