වෑන්රියක් කොල්ලකා පළා යමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට | දිනමිණ

වෑන්රියක් කොල්ලකා පළා යමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට

නවගමුව පොලිස් වසමේ රණාල ජනසවි මාර්ගයේදී වෑන් රථයක් කොල්ලකා පළා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වෑන් රථයද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
 
ඊයේ (14) රාත්‍රී 7.30ට පමණ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. සැකකරුවන් වෑන් රථය කොල්ලකා වෑන් රථයේ හිමිකරුගේ අත් පා බැඳ වෑන් රථයේ රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28,30,31 හා 38 යන වසස්වල පසුවන ඇඹිලිපිටිය, මීගොඩ, රනාල, නාරන්වල හා කතරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
 
සැකකරුවන් අද (15) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
 

නව අදහස දක්වන්න