තරුණියක අපයෝජනය කළ පුද්ගලයා වසර 10ක් හිරේ | දිනමිණ

තරුණියක අපයෝජනය කළ පුද්ගලයා වසර 10ක් හිරේ

බරපතළ අපයෝජනයක් සිදුකළ විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා දෙකකටම වරදකරු වූ බැවින් එක් චෝදනාවකට වසර 10 බැගින් චෝදනා දෙකකට විසි වසරක සිරදඬුවමක් නියම කරමින් එම දඬුවම වසර 10 කින් එකවර ගෙවී යන ලෙසට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විවෘත අධිකරණයේදී නියම කළාය.

විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ දිගහැරුණු මෙම නඩුවේ චුදිත වර්ෂ 2014 ඔක්තෝබර් මස 07 දින හෝ ඊට ආසන්න දිනයකදී පොතුහැර කිඩපොලදී 16 හැවිරිදි තරුණියකට ඉතා අමානුෂික අන්දමින් ලිංගික අපයෝජනයක් සිදුකළ බවට නීතිපතිවරයා විසින් මෙම නඩුව කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත්කොට තිබුණි.

මෙහිදී විත්තිකරුට දඬුවම් නියම කළ විනිසුරුවරිය පළමු චෝදනාව යටතේ බරපතළ වැඩ ඇතිව වසර 10 ක සිරදඬුවමක් නියම කරමින් එයට අමතරව රුපියල් 10,000 ක දඩයක් ද, දෙවැනි චෝදනාව යටතේ තවත් වසර 10 ක් සමඟ රුපියල් 10,000 ද නියම කළාය.

දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 03 බැගින් මාස 6 ක ලිහිල් සිරදඬුවමක් ද නියම කරමින් අපයෝජනයට ලක්වූ තරුණියට රුපියල් 100,000 ක වන්දි මුදලක් ද නියම කර ඇත.

මෙම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරකින් සිරදඬුවම් දීර්ඝ කරන බවත් කියා සිටියාය.

ආරියපාල වංශතිලක
කුරුණෑගල මධ්‍යම විශේෂ

 

නව අදහස දක්වන්න