ගම්මිරිස් වගාවකින් වට වූ දඩයම්පොළට පොලිසිය පනී | දිනමිණ

ගම්මිරිස් වගාවකින් වට වූ දඩයම්පොළට පොලිසිය පනී

බදුල්ල කහටරුප්ප ඌරුමීතැන්න ගම්මානයේ වන සත්ව දඩයම්පොළක් පෙරේදා (13) සවස වැටලූ පොලිසිය එම ස්ථානයේ උගුලකට හසුකර මරා මස් කිරීමට සුදානම් වූ ඈයා නමින් හැඳින්වෙන වඳ වී යන සත්ව විශේෂයක් වන කබැල්ලෑවකුගේ ජීවිතය බේරාගැනීමට සමත් විය.

එම ස්ථානයේ තිබී වියළන ලද විවිධ දඩමස් කිලෝ 10 ක් ද වනසතුන්ට කන්නට සලස්වා උන් ඝාතනය කිරිම සදහා යොදගන්නා හක්කපටස් 25ක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය. ගම්මිරිස් වගාවකින් වට වූ කඳු මුදුනක මෙම දඩයම්පොළ පවත්වාගෙන ගොස් තිබූ අතර එහි තිබූ ගංජා වගාවක අගල් 6 සිට අඩි 1 දක්වා විවිධ ප්‍රමාණයට වැඩුණු ගංජා පැළ 14ක් ද තිබූ බව පොලිසිය පවසයි.

ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි

නව අදහස දක්වන්න