තහනම් දැල් යොදා මසුන් මැරූ 7ක් යාත්‍රා 4ක් අත්අඩංගුවට | දිනමිණ

තහනම් දැල් යොදා මසුන් මැරූ 7ක් යාත්‍රා 4ක් අත්අඩංගුවට

තහනම් දැල් යොදා ගෙන මුන්දලම සින්නපාඩුව මුහුදෙහි මසුන් මරමින් සිටි ධීවර කාර්මිකයන් හත් දෙනකු හා ඔවුන් භාවිත කළ එක් දින යාත්‍රා හතරක් පෙරේදා ( 13 දා )නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තමන් වෙත භාරදුන් බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

නාවික හමුදා වට අයත් වයඹ නාවික විධානයට අයත් මුර යාත්‍රාවක් සින්නපාඩුව මුහුදු තීරයෙහි මුර සංචාරයෙහි යෙදී සිටියදී මුහුදෙහි මසුන් අල්ලමින් සිටි මෙම යාත්‍රා දැක ඒවා පරීක්ෂා කිරිමේ දි එම යාත්‍රාවල සිටි ධීවරයන් විසින් ධීවර ආඥා පනත අනුව මෙරට භාවිතය තහනම් කර ඇති දැල් යොදාගෙන මසුන් අල්ලන බව හෙළි වු බවත් ඒ අනුව එම ධීවරයන් හා යාත්‍රා අත් අඩංගුවට ගත් බවත් කියයි.

පසුව ඔවුන් ගොඩ බිමට ගෙනැවිත් අත් අඩංගුවට ගත් යාත්‍රා හතර සහ ඒවාට පිටතින් සවි කරණ එංජිං හතරද දැල් තොගය ද ධීවරයන් සතුව තිබු මසුන් කිලෝ 28ක් වැඩිදුර නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාරදී ඇත.

අත් අඩංගුවට ගත් ධීවරයන් සින්නපාඩුව පල්ලිවාසල්වාඩුව හා ඒ අවට පදිචි වයස අවුරුදු 19 ත් 65 ත් අතර වයස් වල පසුවන අය බවත් කියයි.

පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වැඩිදුර පරික්ෂණ සිදු කරයි. අත් අඩංගුවට ගත් යාත්‍රාවක් ජායාරූපයේ දැක්වේ.

මුන්නේශ්වරම සමුහ
ඊ.සී.ප්‍රනාන්දු


නව අදහස දක්වන්න