යතුරුපැදිය වෑන් රියේ ගැටී තරුණයෝ දෙදෙනෙක් මරුට | දිනමිණ

යතුරුපැදිය වෑන් රියේ ගැටී තරුණයෝ දෙදෙනෙක් මරුට

කොළඹ හලාවත මාර්ගයේ කාක්කපල්ලිය පම්බල දී ( 14 දා ) උදේ 6.50 පමණ සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලද තරුණයන් දෙදෙනකු මිය ගිය බව මාදම්පේ පොලිසිය කියයි.

මිය ගිය තරුණයන් දෙදෙනා මෙතෙක් හඳුනා ගෙන නැති අතර ඔවුන් කිසියම් වැඩක නිරතවීමට යමින් සිටි බව ද කියයි.

තරුණයන් දෙදෙනා කොළඹ දෙස සිට යතුරු පැදියකින් හලාවත දෙසට ගමන් කරමින් සිටිය දී කාක්කපල්ලිය පම්බල සුළු ධිවර සම්මේලන කාර්යාලය අසල දී වේගය පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් කොළඹ දෙසින් හලාවත දෙසට ගමන් ගත් වෑන් රථයක පසුපස ගැටී අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා ඇති බවත් කියයි.

යතුරු පැදිය වෑන් රථය පසු කර යෑමට තැත් කළ අවස්ථාවේ දී හලාවත දෙසින් ලංගම බසයක් දැක යතුරු පැදිකරු කලබලවීම නිසා වෑන් රථයේ ගැටි ඇති බවට තොරතුරු ලද බවත් පොලිසිය කියයි.

අනතුරට සම්බන්ධ වෑන් රථය හා රියදුරු අත් අඩංගුවට ගත් මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මුන්නේශ්වරම සමුහ
ඊ.සී.ප්‍රනාන්දු, පුත්තලම සමූහ


නව අදහස දක්වන්න