ගෝඨාභයට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර | දිනමිණ

ගෝඨාභයට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂට මේ මස 26 වන දා සිට අප්‍රේල් 12 වන දා දක්වා කාලය තුළ විදේශගතවීමට අද අවසර ලබා දුන්නේය.

ඒ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නියෝගයකට අනුවයි.

විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවීය.

එසේම, විත්තිකරුවන් 04 දෙනෙකු වෙනුවෙන් නීතිපතිවරයා විසින් නඩුවේ චෝදනා ගොනු කර ඇති ආකාරය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් මෙහිදී මූලික විරෝධතාවක් ද ගොනු කලේය.

ඊට පිළිතුරු ලබාදීම සඳහා නීතිපතිවරයා මේ මස 28 වන දා කැදවීමට නියමිතයි.

මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබේ.

නව අදහස දක්වන්න