FCCISL රන් සම්මාන දෙකකින් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය පිදුම් ලබයි | දිනමිණ

FCCISL රන් සම්මාන දෙකකින් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය පිදුම් ලබයි

ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ මංජුල ආරියකුමාර මහතා (0768768100) ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය FCCISLසංවිධානය කළ වසරේ ව්‍යවසායකයා 2018 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ, මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ, මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

කුඩා පරිමාණයෙන් අරඹා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය පිරිනැමූ කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පිරිනැමූ විශිෂ්ටතම ව්‍යවසායකයා රන් හා රිදී සම්මාන හිමි කර ගැනීමත්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය පිරිනැමූ නිෂ්පාදන විශිෂ්ටතා සම්මානවලින් අඛණ්ඩව පිදුම් ලැබීමත් ඒ අතරින් ප්‍රධානය. ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ නවතම හඳුන්වා දීම වන්නේ පරිසර හිතකාමී ලෙස විදුලි බලය නිපදවන සූර්ය පැනල පද්ධතියයි.

එසේම සිය ව්‍යාපාර ජාලය ක්ෂේත්‍ර රැසකට ව්‍යාප්ත කරමින් ත්‍රී සිංහ සමූහය නවීන තාක්ෂණය යොදා ගනිමින් අඩු වියදමින් වානේ ගොඩනැගිලි (Prefabricated Steel Building) ඉදිකිරීමද දැන් අරඹා තිබේ. රෝලර් ඩෝ, රෝලර් ෂටර්ස්, සෙක්ෂනල් ඕවර්හෙඩ් ඩෝ, වින්ඩෝ ෂටර්ස්, ෆයර් රෙසිස්ටන්ට් ඩෝ, ඇලුමිනියම් ෆැබ්රිකේෂන්ස්, සෙන්සර් ඩෝ, ස්ටේන්ලස් ස්ටීල්, ස්ටීල් රේලින්ග්ස් සහ ස්ටෙයාවේස්, පොලිකාබනේට් කැනපීස්, ස්ටේන්ලස් ස්ටීල් පැන්ට්‍රි කබඩිස්, රැක් සිස්ටම්ස්, ස්ටීල් බිල්ඩින්ග්ස්, ඔටෝමැටික් බැරියර්ස් සහ මෝටර් සවි කළ ස්ලයිඩින්ග් ඇන්ඩ් ස්වින්ග් ගේට්ස් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ අනෙකුත් නිෂ්පාදන අතර වේ.

නව අදහස දක්වන්න