‘So Sri Lanka’ ගෝලීය මාධ්‍යයන්ගේ අවධානය‍ට | දිනමිණ

‘So Sri Lanka’ ගෝලීය මාධ්‍යයන්ගේ අවධානය‍ට

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) විසින් ' සෝ ශ්‍රී ලංකා' සන්නාමය 52 වැනි ITB බරලින් (Berlin) වෙ‍‍ළෙඳ ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර, එයට සියල්ලන්ගේ අවධානය ලබා දුන් අතර, එහිදී එහි මීළග මූලෝපායික සන්නාම නාම අනන්‍යතා අදියරට ආරම්භක පියවර තැබීය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාර්තු මස 7 වන දින ITB මාධ්‍ය සාකච්ඡාවේ දී ගෝලීය මාධ්‍ය වෙත ආකර්ෂණීය වාර්තා චිත්‍රපටයක් ඉදිරිපත් කරන ලද අතර එය එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව සහ චීනය පුරා ඩිජිටල් චිත්‍රපටයක් ලෙස ප්‍රචාරණය අරඹා ඇත. මෙම චිත්‍රපටයට නව්‍ය, වූ, ඩිජිටල් පාදක කරගත් මහජන සම්බන්ධතා ක්‍රියාවලියක් ලෙස කැපී පෙනුණි.

ප්‍රධාන පුවත්පත් මාධ්‍ය ආයතන වන ඩී.පී.ඒ (ජර්මනියේ ප්‍රධාන පුවත්පත් ආයතනයකි), ඩී වෙල්ට් (ජාතික පුවත්පත) හා N24 පුවත්පත් ආයතනය ඇතුළුව 80 කට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි විය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංචාරක, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව ක්‍රමයෙන් වැඩිදියුණු වන සංචාරක වෙළෙඳපොළක් බවට පත්වෙමින් තිබෙන බවත් පසුගිය වසර දහය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීමෙහි සහ ලැබෙන ආයෝජනයන්හි ස්ථාවර වර්ධනයක් සිදුව තිබෙන බවයි.

“පසුගිය වසර තුන තුළ සංචාරකයින් සඳහා ගුණාත්මක පර්යේෂණාත්මක සොයා ගැනීම් පදනම් කරගත් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව වඩාත් කැපී පෙනෙන්නේ එහි අව්‍යාජත්වයය හේතුවෙනි. අපගේ අව්‍යාජභාවය, ස්වභාවික උරුමයන්, අපේ ආහාර රටාව, පරිසරය, ගෘහනිර්මාණ ශිල්පය හා සංස්කෘතිය මෙන්ම අ. ‘ශ්‍රී ලංකාවේ උණුසුම සහ පිළිගැනීම’ අත්දැකීම විඳීමට ලෝකයට අපි ආරාධනා කරනවා.” අමාත්‍ය අමරතුංග වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙහි සභාපති කිෂු ගෝමස් මහතා මෙසේ අදහස් දැක්වීය. Òශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිදු තැනකට සමාන නැත. අපේ රටෙහි අද්විතීයත්වය ශ්‍රී ලංකාවට පැමිණෙන විට දැක ගත හැකි ආකාරයට පෙන්වීමට අපට අවශ්‍ය වුනා. අපගේ අපූරු වනජීවීන්ගේ දෘෂ්ටිකෝණයෙන් අපගේ කථාව කියන්නට අවශ්‍ය වූයේ එබැවින්. ශ්‍රී ලංකාව අප්‍රිකාවෙන් පිටත පිහිටි හොඳම සෆාරි ගමනාන්තයන් අතරින් එකක් වන අතර නැරඹීමට තවත් බොහෝ ස්ථාන සහිත ගමනාන්තයක්. අවුරුද්ද පුරා හිරු එළිය ඇති අපගේ වෙරළ තීරය, අපේ උණුසුම් පිළිගැනීම් සහිත මිනිසුන්, අපගේ රසවත් ආහාර සංචාරකයන්ව ආකර්ෂණය කරගනු ලබනවා. ශ්‍රී ලංකාව විශ්වාසවන්ත ස්ථානයක් ලෙස හැඟී යා යුතුය. වෙනත් කිසිදු ස්ථානයක නොමැති අත්දැකීමක් ලබා ගැනීම සදහා අපි සංචාරකයන්ට සාදරයෙන් ඇරයුම් කර සිටිනවා Ó

ගෝලීය සංචාරකයින් අතර ප්‍රමුඛතම ගමනාන්ත නාමය බවට පත්වීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට අවශ්‍යව තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව ඉතා ආක්‍රමණශීලී හා සිත්ගන්නාසුළු වෙළෙඳපොළ න්‍යාය පත්‍රයක් සඳහා උපකාරී වන බලවත් වෙළෙඳ සන්නාමයක් දියුණු කරමින් සිටී.

“ශ්‍රී ලංකාවේ සන්නාම් නාමයේ අසමසම බලය අත්පත් කරගනිමින්, අප සමඟ කතාව නිර්මාණය කිරීම සඳහා ගෝලීය සංචාරකයා බල ගැන්වීම, sosrilanka හි වැඩි දියුණු කිරීම දැනටමත් පැහැදිලිව දැකගත හැකිය. Ò, කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් පැවසීය.

Òසෝ ශ්‍රී ලංකා වෙළෙඳ නාමයÓ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව තුළ සිය ගමනාන්ත වෙළෙඳනාමයේ සියළුම අංගයන් සහ අද්විතීය ගුණාංග ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

“ 'සෝ ශ්‍රී ලංකා' සන්නාමය ස්ථාන දර්ශක ඉක්මවා යන අතර ශ්‍රී ලංකාව පිළිබඳ අප සතුව ඇති ආකල්ප වර්ධනය කරන්නකි. එය චීනයේ සිට ප්‍රථම වරට පැමිණි සංචාරකයා,එක්සත් රාජධානියේ සිට හතරවන වරට පැමිණි ආගන්තුකයෙකු, විවාහ මංගල්‍යක් සදහා පැමිණෙන යුවළක්, ජර්මනියේ සිට ප්‍රංශෙයහි සිට පැමිණෙන පවුලක ප්‍රකාශනයක් ද සහිතව ඉදිරිපත්කර තිබේÓ, යනුවෙන් එහිදී ප්‍රධාන විධායක නිලධාරි ජේ වෝල්ටර් තොම්සන්, ඇලීනා හජි ඕමාර් මහත්මිය පැහැදිලි කළහ.

Ò සෝ ශ්‍රී ලංකා සන්නාමයේ පරමාර්ථය වන්නේ, අපගේ විශිෂ්ට ගුණාංගයන් අභිමානයෙන් යුතුව පවත්වාගෙන යාමට අප තුළ පෙලඹීමක් ඇති කිරීමයි. අප අක්‍රීය ලෙස ආයෝජනය කිරීමෙන් ඉවත් වී ඇති අතර අපගේ සමාජශීලී ක්‍රියාකාරී ඩිජිටල් මූලික සංචාරකයින් සමඟ සම්බන්ධයක් ගොඩනගා ගනියි. 'සෝ ශ්රී ලංකා' යනු බොහෝ ආකල්ප, හැඟීම් සහ චිත්තවේගයන්ගෙන් එක් වූ ප්‍රකාශයකි. අපි ඉතා වෙනස්ය, අප වීරත්වයෙන් යුතුය, අප ඉතා ප්‍රබලය, අප ඉතා ස්වාභාවිකය, අප ඉතා වර්ණවත්, අප ඉතා අපූර්වය, අපි සැබවින්ම ‘සෝ ශ්‍රි ලංකා ය,”යනුවෙන් ඕමාර් මහත්මිය පැහැදිලි කළේය.

නව අදහස දක්වන්න