ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් සිලෝන් මෝටර් ෂෝ 2019 | දිනමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් සිලෝන් මෝටර් ෂෝ 2019

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්, ශ්‍රී ලංකා පැරණි රථවාහන හිමියන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා රථවාහන අලෙවිකරුවන්ගේ සංගමය එකතුවෙන් ඉදිරිපත් කරන වසරේ ප්‍රමුඛතම රථවාහන ප්‍රදර්ශනය 'සිලෝන් මෝටර් ෂෝ 2019' මාර්තු මස 15 වනදා සිට 17 වනදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනය දිවයින පුරා විසිර සිටින මෝටර් රථ සඳහා ඇලුම් කරන්නන් ඉතා උනන්දුවෙන් අපේක්ෂා කරන වැඩසටහනක් බවට පත්ව ඇති අතර මෙවරද මේ සඳහා 30,000 කට අධික ජනතා සහභාගිත්වයක් අපේක්ෂා කෙරේ.

මෙහිදී මාර්තු 15 වනදා පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්ම විවෘත විශේෂ වැඩසටහනක් පැවැත්වෙන අතර එදින පස්වරු 5 සිට මහජනතාව සඳහා ප්‍රදර්ශනය විවෘතව පවතී.

මෙම වසරේ ප්‍රදර්ශනයේදීද ඉතා නවීන තාක්ෂණයෙන් හෙබි රථවාහන රාශියක් මෙන්ම ඉතා විශිෂ්ට පැරණි රථවාහන රැසක්ද දැකබලාගැනීමේ අවස්ථාව සහභාගී වන්නන්ට සැලසේ.

නව අදහස දක්වන්න