AAT අයවැය යෝජනා සමුළුවක් | දිනමිණ

AAT අයවැය යෝජනා සමුළුවක්

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT Sri Lanka) සංවිධානය කරන ලද Òඅයවැය යෝජනා-2019 කතිකාවතÓ පසුගියදා AAT ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. 250කට අධික වෘත්තිකයින් සහ සාමාජික සාමාජිකාවන් සහභාගී වූ එම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතායි. මුදල් අමාත්‍යංශයේ ෆිස්කල් ප්‍රතිපත්ති පිළිබද දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය, රයිගම් සමුහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂ ගණක අමරසිංහ , ගජ්මා ගණකාධිකරණ සමාගමේ අධ්‍යක්ෂ එන.ආර්.ගජේන්ද්‍ර මහතා සහ අර්නස්ට් සහ සමාගමේ බදුසේවා අංශ ප්‍රධානී දුමින්ද හුලංගමුව වැනි කණ්ඩායමකින් මුලසුන සමන්විත විය.

ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ මුදල් අමාත්‍යංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මියයි. එහිදී ඇය පුද්ගල අදායම් බදු (Income Tax), එකතු කල අගය මත බදු (VAT), ජාතිය ගොඩනැගීමේ බදු (NBT), සෙස් බද්ද (CESS), ආර්ථික සේවා ගාස්තු සංශෝධන, කාබන් බද්ද, සුඛෝපබෝගී වාහන මත අය කරන බදු, රේගු බදු (Custom tax), සහ අනෙකුත් ප්‍රධාන බදු වල සිදුවූ වෙනස්කම් ඉතා පුළුල් ලෙස පැහැදිලි කෙ‍රිණි.


නව අදහස දක්වන්න