අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වීම ජනතාවගේ ජයග්‍රහණයක් | දිනමිණ

අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වීම ජනතාවගේ ජයග්‍රහණයක්

ජයසිරි මුණසිංහ

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්දය වැඩි ඡන්ද 43කින් ජයගැනීම තමාගේ හෝ අගමැතිවරයාගේ හෝ ජයක් නොව එය ජනතාවගේ ජයග්‍රහණයක් බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේ ය.

වසර 2019 අයවැය පිළිබඳව ෆයිනෑන්ෂල් ටයිම් සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ සියයට 60ක් දෙනා එය ධනාත්මක යෝජනාවලින් යුක්ත වූවකැයි පවසා තිබීම යැයිද මංගල සමරවීර මහතා කීය. මේ අන්දමට ජනතා ප්‍රතිචාරයක් හිමි වූ අයවැයක්,ඉදිරි කෙටි කාලයක් තුළ කඩිනමින් ක්‍රියාවට නැංවීම තම අරමුණ බව ද මංගල සමරවීර මහතා කීය.

මෙවර අයවැය දෙවැනි වර ඡන්ද විමසීමේදී ඊට ඡන්දය ලබා දුන් සැමට ස්තූතිය පුද කරන බව කී මුදල් ඇමැතිවරයා අයවැය පරාජයට පත්කොට මහා මැතිවරණයක් දිනාගැනීමේ සිහිනය දකින අයට සිහින දකිමින් සිටීමට සිදුවන බව ද කීය. මුදල් අමාත්‍යාංශයේ ඊයේ (13) දහවල් පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේ ය.

නව අදහස දක්වන්න