සයිබර් ප්‍රහාර වලකන Version 12 | දිනමිණ

සයිබර් ප්‍රහාර වලකන Version 12

DCS International (Pvt) Ltd යනු සයිබර් ආරක්‍ෂණය සම්බන්ධයෙන් ගෝලීය තාක්‍ෂණ විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රමුඛ පෙළේ සයිබර් නිෂ්පාදන බෙදාහැරීමේ සමාගමකි. ESET Internet Security මෘදුකාංගයේ 12 වැනි සංස්කරණය නිකුත් කිරීමේ අවස්ථාව පසුගියදා කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ දී පැවැත්විණ. DCS International කණ්ඩායම විසින් හඳුන්වා දුන් ESET ප්‍රබල antivirus ආරක්‍ෂණ මෘදුකාංගයේ නවතම සංස්කරණයේ විශේෂාංග ඔවුන්ගේ දිවයින පුරා ව්‍යාප්ත බෙදාහැරීමේ ජාලයේ නියෝජිතයන් වෙත හඳුන්වා දීම සහ ඔවුන්ගේ දායකත්වය ඇගයීමට ලක් කිරීමට ද මෙම උත්සවයේ දී සිදු විය.

පුළුල් බෙදාහැරීමේ ජාලයේ සහයෝගය ද ඇතිව වෙළෙඳපොලේ ඉහළ අලෙවියක් ඇති මෘදුකාංගයක් බවට ESET මෘදුකාංගය පත් කරන්නට DCS International සමාගමට හැකි වී තිබේ. මේ හරහා antivirus ආරක්‍ෂක මෘදුකාංගයක් ලෙස ඉහළ පිළිගැනීමක් දිනා ඇති ESET, තොරතුරු තාක්‍ෂණ ආරක්‍ෂණ මෘදුකාංගයක් ලෙස ද ව්‍යාපාරිකයන් සහ ලොව පුරා සිටින පරිගණක පරිශීලකයන් අතරත් බෙහෙවින් ජනප්‍රිය වූවකි.

නවතම ESET Internet Security 2019 සංස්කරණය මඟින් පරිශීලක සහ ආරක්‍ෂක විශේෂාංග වැඩිදියුණු කොට ඇති අතර මෙමඟින් වෛරස් ක්‍ෂණිකව විශ්ලේෂණය කිරීමේ හා හඳුනාගැනීමේ අසමසම නිරවද්‍යතාවකින් ද සමන්විත වේ. Malwareවලට සහ ඩිජිටල් තර්ජනයන්ට එරෙහිව ක්‍රියාකරන වැඩිදියුණු කළ ආරක්‍ෂක වැඩසටහනක් ද මෙහිලා අන්තර්ගත කොට ඇත. ESET Internet Security මෘදුකාංගයේ 12 වැනි සංස්කරණය මඟින් පරිශීලක දත්ත සඳහා උපරිම ආරක්‍ෂාවක් සහතික කරයි.

ESET මෘදුකාංගයේ 12 වැනි සංස්කරණය මඟින් තථ්‍ය-කාල සංඛ්‍යාන ආරක්‍ෂණ වාර්තා ලබා ගැනීමේ හැකියාව සහ ESET විසින් හඳුන්වා දුන් ThreatSense® වැනි සම්මානලාභී පිරික්සුම් යන්ත්‍රය ද ඇතුළු නවතම විශේෂාංග ගණනාවකින් සමන්විත වේ. මෙම පිරික්සුම් යන්ත්‍රය මඟින් වඩාත් ප්‍රබල ආරක්‍ෂාවක් ලබා දෙන අතරම පසුබිමින් ක්‍රියාත්මක වෙමින් වෛරසයක් හඳුනාගත් විටෙක දී පමණක් පරිශීලකයාට දැනුම් දීම සිදුකරමින් පරිගණකයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට උපකාරී වෙයි. අලුතින් එක්කොට ඇති License Manager විශේෂාංගය හරහා පරිශීලකයාට my.eset.com වෙබ් අඩවියට පිවිසීම මඟින් මෘදුකාංග පරිශීලක අවසරය සහ සම්බන්ධ කොට ඇති උපාංග කළමනාකරණය කිරීමේ හැකියාව ලබා දී ඇත. එමෙන්ම Referral Program හරහා ESET නිෂ්පාදන පිළිබඳව තම නෑදෑ හිතමිතුරන් දැනුවත් කිරීමේ හැකියාව ද පරිශීලකයාට උදා වේ.

පාරිභෝගික ඉල්ලීම පරිදි හඳුන්වා දුන් anti-theft වැනි නව විශේෂාංග හරහා ලැප්ටොප්, ජාල ආරක්‍ෂණ පිරික්සුම් සහ වෙබ්කැම් ආරක්‍ෂණ ආදී ආරක්‍ෂක වැඩපිළිවෙළ රැසක් ද ක්‍රියාත්මක කළ හැකි අතර මෙමඟින් ලැප්ටොප් සඳහා විශේෂ ආරක්‍ෂාවක් සලසා ගත හැකිය.

DCS International අනුබද්ධිත LIMRA Holdings දේශීය පාරිභෝගිකයන් සඳහා සයිබර් ආරක්‍ෂණ විසඳුම් ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් ලෙස හඳුන්වා දිය හැකි අතර ESET මෘදුකාංග හා සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා වන්නේ ද එම සමාගමයි. ESET Internet Security මෘදුකාංගයේ 12 වන සංස්කරණය හඳුන්වා දීම හරහා රට පුරා සිටින පරිශීලකයන්ට තවදුරටත් වඩාත් ඉහළ ගුණාත්මක බවකින් යුතු සයිබර් ආරක්‍ෂක වැඩපිළිවෙළක් හඳුන්වා දීමට DCS International අපේක්‍ෂා කරයි.

 

නව අදහස දක්වන්න