ශ්‍රී ලංකා-එංගලන්ත කාන්තා ක්‍රිකට් 16දා ඇරැඹේ | දිනමිණ

ශ්‍රී ලංකා-එංගලන්ත කාන්තා ක්‍රිකට් 16දා ඇරැඹේ

ගීෂා මුණසිංහ

ශ්‍රී ලංකාව හා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින තරග තුනකින් හා විස්සයි 20 තරග තරග තනකික් සමන්විත ක්‍රිකට් තරගාවලිය මේ මස16 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙදී ඇරැඹේ.

මේ තරගාවලිය දක්ෂතා අතරට ඒමට හොඳ අවස්ථාවක් මෙන්ම දක්ෂතා වර්ධනය කරගැනීමට හොඳ අවස්ථාවක් බව එක් පුහුණු තරගයකින්, විස්සයි 20 තරග තුනකින් හා එක් දින තරග තුනකින් සමන්විත එංගලන්ත කාන්තා ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු කීවාය.

එංගලන්ත ජාතික කාන්තා කණ්ඩායමේ නායිකා හීදර් නයිට් මාධ්‍ය හමුව අමතමින් පවසා සිටියේ එංගලන්ත කණ්ඩයමට ඉදිරියට යාමට හොඳ අවස්ථාවක් හිමිව ඇති බවයි. ශ්‍රී ලංකා පිලේ දස්කම් ඉහළ මට්ටමක පැවැතිය ද සංචාරය ඉතා හොඳින් නිමා කිරීම බලාපොරොත්තු බව ඇය වැඩිදුරටත් පවසා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා, කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිනිය රසාංජලිද අල්විස්, කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා, එංගලන්ත කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණු කරු මාක් රොබීන්සන් මහත්ම මහත්මිහු ද මාධ්‍ය හමුවට එක්වූහ.

ශ්‍රී ලංකා පිලට චමරී අතපත්තු (නායිකා), ප්‍රසාදනී වීරකොඩි, අනුෂ්කා සංජිවනී, හංසිමා කරුණාරත්න, හසනී පෙරේරා, සුගන්දීකා කුමාරී, හර්ෂිතා සමරවික්‍රම, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, ඉනෝෂි ප්‍රනාන්දු, කවිෂා දිල්හාරී, අචිනි කුලසුරීය, උදේෂිකා ප්‍රබෝදිනී, ඉනෝකා රණවීර, ඕෂදී රණසිංහ ඇතුළත් වෙති.

දෙපිල අතර එක්දින තරගාවලිය මේ මස 16 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි එක්දින තරගය එම ක්‍රීඩාංගණයේදීම මේ මස 18 වැනිදා පැවැත්වෙයි. තුන්වැනි එක්දින තරගය මේ මස 21දා කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දෙපිල අතර විස්සයි20 තරගාවලිය මේ මස 24,26 සහ 28 පී.සරා ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න