අන්තරේ කැඳවුම්කරු බන්ධනාගාරයට | දිනමිණ

අන්තරේ කැඳවුම්කරු බන්ධනාගාරයට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය ලබන18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොළඹ 04 මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වාගේ නියෝගයකට අනුවයි.

ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ මෙම විරෝධතාව සංවිධානය කර තිබිණ.

එහිදී උද්ඝෝෂකවරුන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුලුගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

ඊයේ පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවයේදි කළහකාරි ලෙස හැසුරීමේ චෝදනා මත මහිල් බණ්ඩාර දෙහිදෙණිය අත්අඩංගුවට ගැනිණ.

නව අදහස දක්වන්න