මානව හිමිකම් සැසියට පංච පුද්ගල කමිටුවක් | දිනමිණ

මානව හිමිකම් සැසියට පංච පුද්ගල කමිටුවක්

40 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා පස්දෙනෙකුගේ සමන්විත කමිටුවක් නම් කර තිබේ.

ඒ විදේශ අමාත්‍ය තිලක් මාරපනගේ නායකත්වයෙන් යුක්තවය.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත අදාළ කම්ටුව නම් කල බවයි. 

මෙම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරීන් පුල්ලේ ඇතුළත්ය.

නව අදහස දක්වන්න