වාහන මිලදී ගැනීමේදී අක්‍රමිකතාව - නැවත කැදවීම 23 | දිනමිණ

වාහන මිලදී ගැනීමේදී අක්‍රමිකතාව - නැවත කැදවීම 23

වසර 2010 දී ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගැනීමේදී සිදු වු අක්‍රමිකතාවයක් හේතුවෙන් විශාල මූල්‍යමය අවභාවිතාවක් සිදුව ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නිතිපතිවරයාට සිහිකැඳවීමක් යොමු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද 13 නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳ වූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින  ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් වරයෙකු සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ගණකාධිකාරීවරයෙකු වන සිසිර ගුණරත්න සහ ඒ ඩී ගුණරත්න යන සැකකරුවන් දෙදෙනා අද අධිකරණයේ පෙනී සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන අගොස්තු මස 23 වන ද නැවත කැදවන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

(සුභාෂිණි සේනානායක)

නව අදහස දක්වන්න