‘ජී බුම්බා‘ අත්අඩංගුවට | දිනමිණ

‘ජී බුම්බා‘ අත්අඩංගුවට

මොහොමඩ් ශම්මූර් මොහොමඩ් ෂියාම් නොහොත් ‘ජී බුම්බා‘ 33 නමැති හැවිරිදි අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් විශේෂ කාර්ය බලකාය විසින්අත්අඩංගුවට ගෙන තිබේ.
 
අද(13) අළුයම ගම්පොල, ගම්පොලවෙල ප්‍රදේශයේ සැගව සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
 
පසුගිය පෙබරවාරි මස කොටහේන පොලිස් වසමේ දී කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම, තවත් වෙඩි තැබීම් ගණනාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යකර සිටි සැකකරුවෙක් බව, පොලීසිය සදහන් කළේය. 
 
මොහු ඩුබායි අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයෙකු බවත්, කංජිපානි ඉම්රාන් විසින් භාරදෙනු ලබන මනුෂ්‍ය ඝාතන සිදු කරන ප්‍රධානතම ගෝලයා බවට ද කරුණු හෙළිව තිබේ. 
 
මෙම සැකකරු මෛත්‍රී බෝධිරාජ මාවත, මාලිගාවත්ත පදිංචිකරුවෙකි.

නව අදහස දක්වන්න