රෙඩ් බුල් ‘Tukit’ 2019 3 වැනි වරටත් සාර්ථකව අවසන් වේ | දිනමිණ

රෙඩ් බුල් ‘Tukit’ 2019 3 වැනි වරටත් සාර්ථකව අවසන් වේ

බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ හදගැස්ම හඳුනාගනිමින් ඔවුන් තුළ අභියෝගාත්මක සහ ක්‍රියාන්විත පෞරුෂයන් ගොඩනැගීමට සහ රෙඩ් බුල් තේමාව වන ‘ඔබේ මනස සහ ගත නැවත පුබුදුවයි’ යන්න ස්ථාපිත කිරීම සඳහා රෙඩ් බුල් ‘Tukit’ සංකල්පය හඳුන්වාදෙන ලදී.

මෙවර 3 වැනි වරට පැවැති ‘රෙඞ් බුල් Tukit’ වික්‍රමාන්විත ත්‍රී රෝද රථ රියදුරෝ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල නගර 15ක් පුරා කිලෝමීටර 350 කට වැඩි දුරක් පැය 36කට වැඩි කාලයක් තුළ ගමන්ගත් චාරිකාවක නිරත වුහ.

මෙවර 2019 දී ‘රෙඩ් බුල් Tukit’ තරගය ගාල්ලේදී තරගකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ‘රෙඞ් බුල් Tukit’ හි බාධක අදියර කලු‍අග්ගල මුනමලේ වත්තේ තන්ඩර් වැලී හිදී ඇරඹිණි. පැය 20කට අධික ඉතා දුෂ්කර ගමනක් ඉතා කටුක කැලෑ සහ වතු හරහා යාමෙන් පසු තරගකරුවන් ගාල්ල සමනළ ක්‍රීඩාංණයට එක් වූහ.

2019 රෙඩ් බුල් Tukit අභියෝගතා ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ කණ්ඩායම සමත් වූ අතර ‘ෆන් රයිඩර්’ කණ්ඩායම 2වැනි ස්ථානයත් ‘නවගමු මෝටර්’ කණ්ඩායම තෙවැනි ස්ථානයත් දින ගත්හ.

වඩා නිර්මාණශීලී ත්‍රීරෝද සඳහාද මෙහිදී ත්‍යාග ලබාදුන් අතර පිටිපන ‘බ්ලැක් කැට්ස්’ , ‘ගෝල්ඩන් ලයන්’ සහ ‘රෙඩ් බුල් පවර්’ කණ්ඩායම් ඔවුන් ප්‍රදර්ශනය කළ ඉහල නිර්මාණශීලීත්වය වෙනුවෙන් ත්‍යාග දිනාගත්හ.

‘රෙඩ් බුල් Tukit’ අධ්‍යක්ෂ ෂෝන් හමීඩ් මහතා ප්‍රකාශ කළේ ශාරීරික ක්‍රියාකාරකම් කෙසේ වුවත් එහිදී ඉලක්ක හඹා යාම, සක්‍රිය වික්‍රමාන්විත, උපරිම ආත්ම තෘප්තිය මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු බවයි. තවදුරටත් ඔහු පැවසුවේ මෙම ව්‍යාපෘතිය ත්‍රීරෝද රථ ප්‍රජාව අරමුණු කරගෙන උපරිම රසවින්දනය ඇති ලෙස නිර්මාණය කල බවයි.


නව අදහස දක්වන්න