ගෝඨාගේ රිට් පෙත්සම සලකා බැලීම 12දා | දිනමිණ

ගෝඨාගේ රිට් පෙත්සම සලකා බැලීම 12දා

නෙල්කා මැදගෙදර

වීරකැටිය, මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි තමන්ට එරෙහිව සිදු කෙරෙන නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඊයේ (08) රිට් පෙත්සමක් ගොනු කළ අතර, එය ලබන 12 වැනිදා සලකා බැලීමට අධිකරණය තීරණය කෙළේය. අදාළ නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් ඉකුත් පෙබරවාරි 20 දින එම මහාධිකරණයෙන් දෙන ලද නියෝගයද බල රහිත කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා තිබේ.

මෙම නඩුව විභාග කෙරෙන ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි විනිසුරුවරුන් තිදෙනා සහ නීතිපති මෙහි වගඋත්තරකරුවෝ වෙති.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම ඊයේ (08) කැඳවූ අතර එය වෙනත් දිනයක සලකා බැලීමට අධිකරණය තීරණය කෙළේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටී.

අදහස් 1ක් ඇත

Most of the guys trying to put you in jail . Be wise and do the need full. we need to see you as President in Sri Lanka.

නව අදහස දක්වන්න