ජැක්සන්ගේ ගීත ප‍්‍රචාරය නොකිරීමට තීරණයක් | දිනමිණ

ජැක්සන්ගේ ගීත ප‍්‍රචාරය නොකිරීමට තීරණයක්

 සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ගීත ප‍්‍රචාරය නොකිරීමට ඕස්ට්‍රේලියාව, නවසීලන්තයේ සහ කැනඩාවේ ගුවන්විදුලි නාලිකා රැසක් තීරණය කර තිබේ.
 
ඒ අපචාර සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් මයිකල් ජැක්සන්ට එල්ලවූ නවතම චෝදනාවක් පාදක කර ගෙන ය.
 
එහෙත් ගුවන්විදුලි නාලිකාවල එම තීරණය ගැන නවසීලන්ත සහ කැනඩා ශ‍්‍රාවකයන් විවිධ මත පළකරන බව විදෙස් වාර්තා සඳහන් කළේය. ඇතැමුන් තීරණයට සහාය පළකර ඇතත්, තවත් පිරිසක් දැනට ජිවතුන් අතර නොමැති පුද්ගලයෙකුට එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බව පෙන්වා දී ඇත.

නව අදහස දක්වන්න