යෝජිත කාබන් බද්ද ගැන කරුණු අධ්‍යයනය කරනවා | දිනමිණ

යෝජිත කාබන් බද්ද ගැන කරුණු අධ්‍යයනය කරනවා

ජයසිරි මුණසිංහ

අයවැයෙන් යෝජිත කාබන් බදු අයකරන ක්‍රමවේදයෙහි වෙනසක් සිදුකිරීමට කරුණු අධ්‍යයනය කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

නිෂ්පාදන වර්ෂය වසර 05 අඩු, වසර 05 සිට 10 දක්වා හා වසර 10 ට වැඩි වාහන සඳහා භාවිතා කරන ඉන්ධන වර්ගය මත කාබන් බද්ද පනවා ඇති අතර සුඛෝපභෝගී වාහන බද්දක්ද හඳුන්වා දී තිබේ. ඒ අනුව මේ දෙආකාරයේ බදු ලබාගැනීම්වල හා එම ක්‍රමවේදයේ කළ යුතු වෙනස්කම් පිළිබඳ සිතා බලා සුදුසු සංශෝධන ගෙන ඒමට කටයුතු කරන බව ඊයේ (07 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මුදල් ඇමැතිවරයා එසේ කීය.

 

නව අදහස දක්වන්න