නවසීලන්ත - බංග්ලාදේශ් දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා | දිනමිණ

නවසීලන්ත - බංග්ලාදේශ් දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

 
නවසීලන්තයේ වෙලින්ටන් හීදී බංගලාදේශය සහ නවසීලන්තය අතර අද (08) ආරම්භ විමට නියමිතව තිබු දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් සම්පුර්ණයෙන් අතහැර දැමීමට සිදුව තිබේ.
 
තේ පානයට විනාඩි 30ක් පමන ඉතිරිව තිබියදී නවසීලන්ත වේලාවෙන් සවස 3.00ට පමණ අයහපත් කාළගුණය සහ පිටියේ තෙතබරිත ස්වභාවය සැලකිල්ලට ගෙන විනිසුරුවරුන් මෙම තීරණය ගෙන ඇත.
 
එරට කාළගුණ වාර්තාවට අනුව හෙට දිනයේ මැද භාගයේදී ද වෙලින්ටන් නගරයට වර්ෂාවෙන් බාධා පැමිනිමට ඉඩකඩ ඇත.
 
හැමිල්ටන් හී පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 52කින් නවසිලන්තය ලබාගත් ජයග්‍රහනයත් සමග මේ වන විටත් 1-0 ලෙස තරගාවලියේ වැඩි වාසි ගැනිමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. හෙට දෙවන තරගයේ දෙවන දිනය වන අතර අද දිනට තරගය අතහැර දැමුනු නිසා හෙට දින තරගය ආරම්භ වීමට නියමිත වේලාවට වඩා විනාඩි 30කට ප්‍රථම තරගය ආරම්භ වනු ඇත.

නව අදහස දක්වන්න