කෝට්ටේ හටන අද-හෙට ආර්.ප්‍රේමදාස පිටියේ | දිනමිණ

කෝට්ටේ හටන අද-හෙට ආර්.ප්‍රේමදාස පිටියේ

සා.තෝමස් පිල - ඉදිරි පෙළ (වමේ සිට)-දේශාන් පෙරේරා, අශේන් චමුදිත (උප නායක), සචින්ත විලියම් (නායක), ඒ.පී.රොබට් සහෝදරතුමිය (ස.විදුහල්පති), ඒ.පී.ශමිලා කුමාරි (නි.විදුහල්පති), නිලන්ත උඩුවක පියතුමා (විදුහල්පති), වසන්ති කිරිවන්දෙණිය (නි.විදුහල්පති), ප්‍රසන්න රාමනායක (ක්‍රිකට් භාර ආචාර්ය), ලක්ෂ්මන් පෙරේරා (පුහුණුකරු), සංජීව කඩවතආරච්චි (ක්‍රිකට් කළමනාකරු), මලිඳු පෙරේරා, ආදිත්‍ය සූරියබණ්ඩාර, පසු පෙළ (වමේ සිට)-ජෙවාන් ඩේවිඩ්, තරින් වීරසිංහ, උමයංග සුබසිංහ, කෙවින් රජස්ටන්, විරුල් ඩයස්, මනුජ නයනජිත්, තරුෂ්ක පෙරේරා, සිතුම් සන්ද්‍ය, සකිත් පෙරේරා, දුරංග ප්‍රමෝද්, කුලාර ප්‍රමෝද්

ශ්‍රී ජයවර්ධනපුර විදුහල සහ කෝට්ටේ සාන්න තෝමස් විදුහල අතර 42 වැනි වරට පැවැත්වෙන කෝට්ටේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (8) සහ හෙට (9) දෙදින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර විදුහලේ ප්‍රථම ක්‍රිකට් කණ්ඩායමේ නායක කේ.ජේ.රණසිංහ අනුස්මරණය ශූරතා පලිහ සඳහා මේ තරගය පැවැත්වෙන අතර එම විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර මේ වසරට අවුරුදු 100 (1919-2019) පිරීමද විශේෂත්වයකි.

මෙවර තරගයේදී ජයවර්ධනපුර පිල කනිෂ්ක මධුසංඛ විසින් මෙහෙයවන අතර උප නායකයා ලෙස රිසිත් ඉෂාර කටයුතු කරයි. සචින්ත විලියම්ගේ නායකත්වයෙන් නායකත්වයෙන් සාන්ත තෝමස් පිල තරගයට එක්වන අතර උප නායකයා වන්නේ අශේන් චමුදිතය.

මෙතෙක් පැවැති කෝට්ටේ හටනින් තරග 11ක් ජය ගැනීමට ජයවර්ධනපුර පිල සමත්ව ඇති අතර සාන්ත තෝමස් විදුහල තරග 5ක් ජයගෙන තිබේ. අනෙක් තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව ඇත.

මීට සමගාමීව පැවැත්වෙන එක්දින තරගය 17 දා සාන්ත පීතර විදුහල් පිටියේදී පැවැත්වේ.


නව අදහස දක්වන්න