හිටපු ලොතරැයි සභාපතිට රට යන්න තහනම් | දිනමිණ

හිටපු ලොතරැයි සභාපතිට රට යන්න තහනම්

සුභාෂිණී සේනානායක

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චමින්ද අතලුවගේ විදේශ ගත වීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම අද ප්‍රතික්ෂේප කෙරිණ.

ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයකට අනුවයි.

සැකකරුට විදේශ ගත වීමට අවසර ලබා දිය නොහැකි බවට අධිකරණය අද දැනුම් දුන්නේ, රජයේ මුල් අවභාවිතයක් සම්බන්ධ සිද්ධියේ උදෘත නිතිපතිවරයාට යොමු කර ඇති බැවින් නිතිපති උපදෙස් වලට අනුව වරද නිර්ණය වුවහොත් සැකකරු වරදේ  ප්‍රධාන සැකකරුවකු වන බැවිනි.

පසුගිය කාලයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ  මුදල් ප්‍රචාරක කටයුතු වලට බව කියමින් දේශපාලන කටයුතු  සඳහා වෙනත් පුද්ගලික ආයතන වලට ලබා දීම සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් සිදු කරයි.

සැකකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රධාන පුද්ගලයකු බැවින් සැකකරුට විදේශ ගත වීමට අවසර ලබා නොදෙන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු සම්බන්ධයෙන් පෙනි සිටි නිතිඥ උපාලි සේනාරත්න තම සේවා දායකයා මේ වන විට සැකකරුවකු ලෙස නම් කර නැති බවත් ඔහුගේ දරුවාගේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වීමට අවසර ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

නව අදහස දක්වන්න