වැල්ලේ සුරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට | දිනමිණ

වැල්ලේ සුරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයේ ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් වැල්ලේ සුරංග නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඊයේ (07) අත්අඩංගුවට ගත් කුමාරපේලියගේ ළහිරු නයනප්‍රිය මෙම පුද්ගලයා මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු බව හදුනා ගෙන ඇත.
 
සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 85 ක් , කේරළ ගංජා ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 467 ක් ,කඩු 02 ක් හා රුපියල් එක්ලක්ෂ තිස් හතර දහස් එකසිය පනහක මුදලක් පොලිසිය භාරයටගෙන තිබේ.
 
සැකකරු අද (08) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

නව අදහස දක්වන්න