ජනතාවට සාධාරණ අය-වැය යෝජනාවන්ට සහයෝගය දෙනවා | දිනමිණ

ජනතාවට සාධාරණ අය-වැය යෝජනාවන්ට සහයෝගය දෙනවා

චන්දිමා කරුණාරත්න

ජනතාවට සාධාරණය සිදු වන අය-වැය යෝජනා සඳහා සහයෝගය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසී ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට ආරක්ෂක අමාත්‍යංශය පවරා ගැනීමත් සමඟ අවුරදු 20කට පසු ත්‍රිවිධ හමුදාවේ කුඩා නිලයේ සිට ඉහළ නිලය දක්වාම දීමනා වැඩි කිරීම යහපත් ලක්ෂණයක් බවත් සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය , පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යන මහත්වරු ද සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේ ය. අය-වැය සම්බන්ධව විපක්ෂය ලෙස , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස , ඒකාබද්ධ විපක්ෂය ලෙස එකට අපි තීන්දුව ගන්නවා. දැනට තිබෙන තත්ත්වය අනුව විරුද්ධව ඡන්දය දෙන බවට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ 12 වැනිදාට පෙර එකතු වී සාකච්ඡා කර තීරණයට එළැඹෙනවා. අයවැයේ හොඳ දේවල් මෙන්ම නරක දේවලුත් තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මධ්‍යස්ථ ක්‍රමවේදයකට කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාවට සාධාරණය සිදුවන දේ වලදී සහයෝගය දෙනවා.රටේ ජනතාවට අසාධරණය සිදුවන අවස්ථා වලදී එයට විරුද්ධවත් කටයුතු කරනවා.ඊයේ ජනාධිපතිතුමා සමඟ 27 දනෙකේ රැස් වුණා. අපි සියලු දෙනා එක මතයක සිටිනවා.

ඡායාරූපය-සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න