සිරිකොත ගමට ගෙනයෑම 10 දා කළුතරින් ඇරැඹේ | දිනමිණ

සිරිකොත ගමට ගෙනයෑම 10 දා කළුතරින් ඇරැඹේ

සිරිකොත ගමට ගෙන යන වැඩසටහන මේ 10 දා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව එස්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් එදින දිස්ත්‍රික්කය පුරා නිවෙස්වලට ගොස් ජනතාව හමුවන බව ඇමතිවරයා සඳහන් කරයි.

මිට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුද පළාත් පාලන ආයතන නියෝජිතවරුන්ද මෙම වැඩසටහනට එක් විමට නියමිතය.

කළුතර දිස්ත්‍රික්කයේ ශාඛා සමිති ප්‍රති සංවිධානය කිරීමද එදින සිදු කරන බවත් ඇමැතිවරයා පවසයි.

නව අදහස දක්වන්න