කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝග | දිනමිණ

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝග

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගක් කළේ ය.

මේ අතර ලබන11 වැනිදා පෙරවරු 09.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය වසන්ත කරන්නාගොඩට නියෝග කරනු ලැබුවේ ය.

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනිණ.

නව අදහස දක්වන්න