උ. කොරියාව ‘රොකට් අඩවිය‘ යලිත් ස්ථාපනය කරයි | දිනමිණ

උ. කොරියාව ‘රොකට් අඩවිය‘ යලිත් ස්ථාපනය කරයි

ඉවත් කිරීමට පොරොන්දු වූ උතුරු කොරියාවේ රොකට් දියත් කිරීමේ අඩවිය යලි ස්ථාපනය කරන බව නව චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්වා දෙයි. 
 
මෙම ඡායාරූප ලබා ගෙන ඇත්තේ අමෙරිකාව හා උතුරු කොරියානු නායකයින් අතර වියට්නාමයේ දී පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් දින දෙකකට පසුය. ටොන්ග්චන්ග්-රි පරිශ්‍රය මීට පෙර බැලිස්ටික් මිසයිල දියත් කිරීමට භාවිතා නොකළ අතර එය චන්ද්‍රිකා දියත් කිරීමට හා එන්ජින් පරීක්ෂා කිරීම සඳහා පමණක් යොදා ගැණිනි. 
 
එය ඉවත් කිරීමේ කටයුතු පසුගිය වසරේ වසරේ ආරම්භ වූ නමුත් සාකච්ඡා ඇණ හිටීමත් සමග එම 
ක්‍රියාවලිය ද නවතා දමන ලදී‍. 

නව අදහස දක්වන්න