විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අලුත් ව්‍යවස්ථාවකට සූදානම් | දිනමිණ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අලුත් ව්‍යවස්ථාවකට සූදානම්

මහින්ද අලුත්ගෙදර

පාර්ලිමේන්තුවට බලය ලබාදෙමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සහ මැතිවරණ ක්‍රමය සාධාරණ ක්‍රමවේදයකට සිදුවන අලුත්ම ව්‍යවස්ථාවකට සූදානම් බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

පසුගිය 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සහ මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික පෙරමුණ විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් රටේ ජනතාවට පොරොන්දු ලබාදී තිබෙන බව පවසන ඒ මහතා ඒ ඇනුව 19 වරක් සංශෝධන කර විකෘති වී තිබෙන වත්මන් ව්‍යවස්ථාවට 20 සංශෝධනයක් එක්කර මේ ප්‍රශ්නය විසඳා ගතහැකි වේවැයි විශ්වාස නොකරන බවද මේ හේතුවෙන් සමස්ත ව්‍යවස්ථාවම වෙනස් කළයුතු බවද පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සදහන් කළේ බම්බලපිටියේ පිහිටි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී ඊයේ (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ අජිත් පී.පෙරේරා මහතා,

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. මෙය එක්සත් ජාතික පෙරමුණ 2015 වසරේ ජනාධිපතිවරණයට පෙර සහ එම වසරේ අගෝස්තු මාසයේ දී පැවැති මහා මැතිවරණයේ දීත් ජනතාවට පොරොන්දු වුණා. පාර්ලිමේන්තු මැතිවරණයේ දී විධායක ජනාධිපතිධූරය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඑන බවට 2015 වසරේ අගෝස්තු මාසයේ පැවැති මහා මැතිවරණයේ දී අපි පොරොන්දු වුණා. විධායක ජනාධිපතිධූරය අහෝසි කළයුතුයි. ඒ සමඟම මැතිවරණ ක්‍රමය, මානව අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය, බලය විමධ්‍යගත කිරීම ඇතුළුව සමස්ත ව්‍යවස්ථාවම වෙනස් කළයුතු වෙනවා. 19 වරක් සංශෝධන කර විකෘති වී තිබෙන වත්මන් ව්‍යවස්ථාවට 20 අණ්ඩයක් දමා මේ ප්‍රශ්නය විසඳා ගන්න හැකිවේ යැයි මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා විධායක ජනාධිපතිධූරය අහෝසි කළයුතුයි. ඒ සඳහා සමස්ත ව්‍යවස්ථාවම වෙනස් කළයුතුයි. ඒ සඳහා අපි සූදානම්.

එක් එක් අයගේ පෞද්ගලික අබිලාෂ උදෙසා විධායක ජනාධිපතිධූරය තිබිය යුතුද නැද්ද කියා තර්ක කරන්න එකඟ නැහැ. ඉන්න නායකයාගේ අවශ්‍යතාව මත නොවෙයි විධායක ජනාධිපතිධූරය තිබිය යුතුද නැද්ද යන්න තීරණය කරන්න ඕන. විධායක ජනාධිපතිධූරය තිබිය යුතු නැහැයි කියා වසර 20ක් පුරා මැතිවරණවල දී මේ රටේ ජනතාව තීන්දුකර තිබෙනවා. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න අලුත්ම ව්‍යවස්ථාවක් අරන් එන බවට එක්සත් ජාතික පෙරමුණ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වී තිබෙනවා. සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම වෙනස් වියයුතුයි. ඒ ව්‍යවස්ථාව තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වියයුතුයි. පාර්ලිමේන්තුවට බලය දෙන ක්‍රමවේදයක් තිබිය යුතු වෙනවා. මැතිවරණ ක්‍රමය සාධාරණ වන ක්‍රමවේදයකට යායුතු වෙනවා.

මේ කාරණය සම්බන්ධයෙන් අපි තීරණයක් ගතයුතුයි. අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරන් එන්න අමාරුයි කියා ඇතැමුන් සිතනවා. නමුත් එකඟතාවය තිබෙනවා නම් ප්‍රධාන පක්ෂවලට එකඟවන්න පුළුවන් නම් මේ අවස්ථාවේත් එය කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහතා ද යම් ආකාරයකට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන වය ව්‍යවස්ථාවක් කෙරෙහි යම් ආකාරයක නැඹුරුවක් දක්වනවා. එය හොඳ තත්ත්වයක්. ද්‍රවිඩ සන්ධානය සහ තවත් පක්ෂත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් කෙරෙහි විශ්වාසය තිබෙනවා. නව ව්‍යවස්ථාව ජනමත විචාරණයක් හරහා අනිවාර්යයෙන්ම සම්මත වෙන්න ඕන. මේ වෙලාවේ මේ රටට නායකයන්ට කැමැති නම් මුළු ප්‍රශ්නයම එකවර විසඳා ගන්න පුළුවන්. එක් එක් අයගේ පෞද්ගලික ලාබ අපේක්ෂාවෙන් කටයුතු කළයුතු නැහැ.

ජනතාව දුම් සහතිකය සඳහා මුදල් ගෙවනවා. ඒ සඳහා ගෙවන මුදලින් දුම් පරීක්ෂාව කරන සමාගමට විශාල මුදලක් යනවා. මෙය යම් ආකාරයක දූෂිත ක්‍රියාවලියක් බවට සමාජයේ මතයක් තිබෙනවා. තිබෙන දුම් සහතිකයට ගෙන ගෙවීම තිබිය දී අලුතින් කාබන් බද්ධක් එනවා. පරිසර අමාත්‍යාංශය විසින් කරන ඉල්ලීමකට අනුව ඒ බද්ධ පැමිණෙනවා. මේ අතිරේක කාබන් බද්ධ කුමන අරමුණකින් ද ගෙන එන්නේ. ඒ බද්ධ පැනවූ පසු රටට ඇතිවන ප්‍රයෝජන මොනවාද. පරිසරය ආරක්ෂා වෙනවාද. එම බද්දෙන් ගන්නා අතිවිශාල මුදල් ප්‍රමාණය පරිසරය ආරක්ෂා කිරීමේ කුමන අරමුණට ද යොදවන්නේ. කාබන් බද්දෙන් පුනර්ජනනීය බලශක්තියට, සුලං බලයට, සූර්ය බලශක්තියට අයෝජනය කරනවා ද. එසේ කිසිඳු සැලසුමක් නැහැ. කාබන් බද්දෙන් ගන්නා මුදල පරිසරය ආරක්ෂා කිරීමේ කුමන ව්‍යාපෘතියට ද යොමු කරන්නේ.

කිසිම සැලසුමක් නැහැ. මේ කාබන් බද්ධ අසාධාරණ, අතාර්කික, ජනතාවට හෝ රටට වැඩක් නැති බද්දක්. මේ බද්දේ අසාධාරණකම තවත් වැඩිවෙනවා. මේ බද්දේ තිබෙන අසාධාරණ ක්‍රමය කොතෙක් ද පවසනවා නම් කළුතර දිස්ත්‍රික්කයේ කාබන් බද්ද අයකරනවා. නමුත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කාබන් බද්ධ අයකරන්නේ නැහැ. රට මෙයට සූදානම් නැහැ. ක්‍රමය පැහැදිලි නැහැ. රජය අපහසුතාවයට පත්කරන්න වැරැදි උපදෙස් මත පරිසර අමාත්‍යාංශය විසින් කරන බලපෑම් මත මේ බද්ධ පනවා තිබෙනවා. මේ කාබන් බද්ධ කරුණාකර ඉවත් කර ගන්න. එය ඉදිරි අය වැයේ දී ඉවත් කරන්න පියවර ගන්න. මේ බදු ක්‍රමය තුළ තිබෙන රජය කෙරෙහි අප්‍රසාදය ඇතිවන්නා වූ කාබන් බද්ධ ඉවත්කර ගන්නා ලෙස ජනාධිපතිවරයගෙන්, මුදල් ඇමැතිවරයාගෙන් සහ මුදල් රාජ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලනවා.

කාබන් බද්ධට අපි විරුද්ධයි. කාබන් බද්ධ අසාධාරණ බද්දක්. එය අසංවිධානාත්මක බද්දක්. ඵලක් නැති බද්දක්. සැලසුමක් නොමැති බද්ධක්. දේශපාලනය කරන අපි සහ රජය අපහසුතාවයට පත්කරන බද්ධක්. බරපතළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල පිරිසක් පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත්තා. අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සම්බන්ධ නඩුද වසර දහයක් විතර කල්යනවා. මෙය ඉතාම නරක තත්ත්වයක්. මේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්වෙනවා. යම් කාලයකට පසුව ඇප ලැබෙනවා. ඉන් පසුව නැවත ජාවාරමේ යෙදෙනවා. මේ අයට මරණ දඩුවම දුන්නත් ඔවුන්ගෙන් සමාජයට වන හානිය අවසන් වී නැහැ. ඒ නිසා මත්ද්‍රව්‍ය ජවාරම හා සම්බන්ධ බරපතළ නඩුවලට විශේෂ මහාධිකරණ ආරම්භ කර එවැනි අයට ඉක්මණින් දඩුවම්දීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන්න ඕන. දූෂණය හා සම්බන්ධ වැරැදි සම්බන්ධයෙන් විභාග කරන්න විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් සඳහා අනුමැතිය ලැබුණා.

නමුත් අපි කනගාටු වෙනවා තවමත් එක් අධිකරණයක් පමණයි වැඩ කරන්නේ. ඒ අධිකරණය දිනපතා නඩු අහනවා. හොඳින් කෙරෙනවා. ඒක තමයි අවශ්‍ය. දෙවැනි අදිකරණයට විනිසුරුවන් පත්කළා. නමුත් නඩු අහන්නේ නැහැ. තෙවැනි අධිකරණය පිහිටුවලත් නැහැ. අපිට කළහැකි දේ අපි කළා. මේ අධිකරණ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය විනිසුරුවන් වැඩිපුර 35ක් පත්කර තිබෙනවා. විනිසුරුවරුන් 110 දක්වා වැඩිකරන්න නීතිය සම්මත කර තිබෙනවා. අධිකරණවලට විනිසුරුවරුන් පත්කිරීම ජනාධිපතිගේ වගකීමක්. ඒ අධිකරණවලට අවශ්‍ය පහසුකම් සැපයීම අධිකරණ ඇමැතිගේ වගකීමක්. අධිකරණවලට නඩු විභාගය සඳහා පුද්ගලයන් යොමු කිරීම නීතිපතිවරයාගේ හා අගවිනිසුරුවරයාගේ වගකීමක්. මේවා වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීම එක් එක් පාර්ශවයන් කළයුතුයි. බරපතළ මත්ද්‍රව්‍ය වැරැදිකරුවන් සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම වැදගත්. අවශ්‍ය නීතිමය පියවර ගෙන ඉක්මණින් ක්‍රියාත්මක කළයුතු වෙනවා යැයි පැවසීය.


නව අදහස දක්වන්න