ලේඩි ගාගාගේ රන් මුදුව ගිලිහෙයි | දිනමිණ

ලේඩි ගාගාගේ රන් මුදුව ගිලිහෙයි

ලෝක ප්‍රකට නිරූපිකා කොලී කර්ඩෑෂියන් සහ ට්‍රිස්ටන් තොම්ජසන්ගේ සබඳකම දෙදරා යෑමත් සමඟම තවත් එවැනි ම දෙපලු වීමක් හොලිවුඩ්පුරයෙන් පැවසෙනවා.

ඒ අයුරින් වෙන්වී ඇත්තේ සුපිරි ගායිකා ලේඩි ගාගා සහ ක්‍රිස්ටියන් කරිනෝයි. ලේඩි ගාගා ක්‍රිස්ටියන්ගේ ආදර කතාව පටන්ගෙන ඇත්තේ 2017 දීයි. ඇයව හමුවන විට ඔහු කලින් විවාහයෙන් වෙන්වී සිටියා.

පසුගිය වසරේදී තමයි,ලේඩි ගාගා සහ ක්‍රිස්ටියන් විවාහ ගිවිස ගත්තේ.

නමුත් පසුගියදා ඒ විවාහ ගිවිස ගැනීම අවලංගු කර දමා දෙදෙනා දෙපසට වූ බවයි පැවසෙන්නේ. මෑතකදී පැවැත්වුණු 2019 ග්‍රැමි සම්මාන උලෙළට ලේඩි ගාගා පැමිණ සිටියේ තනිවමයි. ඇය පැලඳගෙන සිටි විවාහ ගිවිස ගත් මුදුව ද එදා දක්නට ලැබුණේ නැතිලු.

ගාගා, තම විවාහ ගිවිස ගැනීමක් අවලංගු කළ මුල්ම වතාව මෙය නොවෙයි. ඇය 2016 දී ටේලර් කිනේ සමඟ ගත කළ යුග දිවියට 2016 දී නීත්‍යනුකූලව තිත තැබුවා.

ගාගා එලෙස ටේලර් කිනේගෙන් වෙන්වූයේ වසර 5ක් ඔහු සමඟ ගත කිරීමෙන් පසුවයි.

ටේලර් කිනේ වෘත්තියෙන් නිරූපණ ශිල්පියෙක් සහ සිනමා නළුවෙක්.

කෙසේ වෙතත් ලේඩි ගාගා සහ ක්‍රිස්ටියන් කරිනෝගේ වෙන්වීම ගැන නිල ප්‍රකාශයක් දෙදෙනාගෙන්ම නිකුත් වුණේ නැහැ.

නව අදහස දක්වන්න