මුහම්මදු බුහාරි දෙවැනි වරටත් නයිජීරියාවේ ජනාධිපති වෙයි | දිනමිණ

මුහම්මදු බුහාරි දෙවැනි වරටත් නයිජීරියාවේ ජනාධිපති වෙයි

සිවුවසරක ධුර කාලය සඳහා දෙවැනි වරටත් නයිජීරියාවේ ජනාධිපති ලෙස හිටපු ජනාධිපතිවරයාම තේරී පත් වූ බව එරට මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඒ අනුව මුහම්මදු බුහාරි ඉදිරි වසර 4 දීත් එරට ජනාධිපති ධුරය හොබවනු ඇත.

මැතිවරණය ආශ‍්‍රිතව සිදු වූ ප‍්‍රචණ්ඩකාරි සිදුවීම් ද හා දේශපාලන පක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් හටගැනීම හේතුවෙන් එම ප‍්‍රතිඑල පිළිනොගන්නා බව එරට විපක්ෂය පවසයි.

මැතිවරණයට දින 6ක් තිබියදී එක් දිස්ත්‍රික්කයක මැතිවරණ කාර්යාලය සම්පූර්ණයෙන් ගිනි බත් වූ අතර එහි තිබූ ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා හා මැතිවරණයට අදාළ සියලු දේ විනාශ වී ගියේය. එම සිදුවීමෙන් පසු මැතිවරණය ද සුමානයකින් කල් දමනු ලැබීය.

නව අදහස දක්වන්න