පාකිස්තානය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ගුවන් හමුදා නියමු විංග් කමාන්ඩර් අභිනන්දන් වර්දමන් පාකිස්තානය විසින් ඊයේ (01) පස්වරුවේ ඉන්දියාව වෙත භාර දෙනු ලැබීය.
පාකිස්තානය විසින් නිදහස් කරනු ලැබූ ඉන්දීය ගුවන් නියමුවා පිළිගැනීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ඊයේ (01) වාගාහ් දේශ සීමාවට රැස්ව සිටියහ. ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු විංග් කමාන්ඩර් අභිනන්දන් වර්දමන් ඊයේ පස්වරුවේ නිදහස් කිරීම පාකිස්තානය විසින් හඳුන්වනු ලැබුවේ"සුහදතාවයේ සළකුණක්" ලෙසිනි.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් සාකච්ඡා කර ගැටලු විසඳා ගැනීමට ඉන්දියාවට ආරාධනා කළ ද ඉන්දියාව එය බැහැර කළේ කිසිදු එකඟතාවකට පාකිස්තානය සමඟ නොඑළඹෙන බව පවසමිනි. පවතින තත්ත්වය දේශපාලනයේ සුන්දර කතාබහ පසුකර බොහෝ දුර ගොස් ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනු ලැබීය.
ක්‍රිසන්ති විතාරණ
නව අදහස දක්වන්න