පුතු වෙනුවෙන් යළි හමු වූ නළු නිළි යුවළ | දිනමිණ

පුතු වෙනුවෙන් යළි හමු වූ නළු නිළි යුවළ

දහ අට වසරක යුග දිවියෙන් වෙන්වී සිටින අර්බාස් ඛාන් සහ මලෙයිකා අරෝරා නළු නිළි යුවළට පසුගියදා යළි එකම තැනකදී මුණ ගැසෙන්න සිදුවුණා.

ඒ, ඔවුන‍්ගේ නව යොවුන් පුත්‍රයාගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් වෙනුවෙන්.

අර්බාස් - මලෙයිකා යුවළගේ එකම දරුවා වන අර්හාන් ගේ 16 වැනි උපන් දින සාදයටයි ඔවුන් දෙදෙනා එක්වූයේ.

අර්හාන්ව බොලිවුඩ් සිනමාවට හඳුන්වාදීමත් මේ උපන් දින සාදයේ අරමුණක් වී තිබුණා.

අර්හාන්, බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ ‘ඩබාන්ග් -3’ චිත්‍රපටයෙන්. මෙහි අධ්‍යක්ෂවරයා, ප්‍රවීණ නළුවකු ද වන ප්‍රභූ දේවායි.

ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සල්මන් ඛාන් සහ සොනාක්ෂි සිංහ (මීට පෙර තිරගතවූ ‘ඩබාන්ග්’ සහ ‘ඩබාන්ග් - 2’ අතිශය ජනප්‍රිය වූවා.) ‘ඩබාන්ග් - 3’ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන්නේ එළඹෙන අප්‍රේල් මාසයේදියි.

මෙහි ගීතමය දර්ශනයකට පමණක් කරීනා කපූර්ගේ නර්තන රංගනයක් ඇතුළත්වීමට නියමිතයි.

කලින් නිර්මාණය වූ චිත්‍රපට දෙකෙහිම මලෙයිකා අරෝරා රඟපෑවා. නමුත් ‘ඩබාන්ග් - 3’ චිත්‍රපටයට ඇයව ‍තෝරා ගන්නේ නැතිලු.

එම තීරණය ගෙන ඇත්තේ චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වන අර්බාස් ඛාන් සහ සල්මන් ඛාන්.

හේතුව කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නැහැ නේද ?

සුජීව තේවහෙට්ටිගේ

නව අදහස දක්වන්න