වෙස්ටර්න් යුනි­යන් මුදල් හුව­මාරු ලොව පුරා | දිනමිණ

වෙස්ටර්න් යුනි­යන් මුදල් හුව­මාරු ලොව පුරා

ලොව ප්‍රමුඛතම අන්තර් රාජ්‍ය, අන්තර් මුදල් හුවමාරු සමාගම වන වෙස්ටර්න් යුනියන් සමාගම ශ්‍රී ලංකාවේ පුරෝගාමී මුදල් හුවමාරු සේවාව සහ මෙරට වෙස්ටර්න් යුනියන් නියෝජිතයා වන MMBL Money Master සමඟ අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන් හට සිය මුදල් ලොව වෙනත් රටවලට හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදාකර ඇත.

මෙය ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන් සඳහා වෙස්ටර්න් යුනියන් සමාගම ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාවක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව වේ. මේ අනුව අම්පාර, මඩකලපුව, කොළඹ, ගම්පහ, යාපනය, මහනුවර සහ කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක 17ක නගර 35ක් ආවරණය කෙරෙමින් ස්ථාපනය කර ඇති MMBL Money Master පරිශ්‍ර 61 හරහා මේ සේවාව හිමිකර ගත හැකිය.

පාරිභෝගිකයන් හට ඇ.ඩො. 500ක් දක්වා බැංකු ගිණුමකට බැර කිරීමට හෝ ලොව රාජ්‍යයන් සහ ප්‍රදේශ 200ක පිහිටි නියෝජිත පරිශ්‍ර මිලියන භාගයකට අධික සංඛ්‍යාවකින් මුදල් ලබාගැනීමට හෝ හැකිවේ.

‘ ශ්‍රී ලංකාවේ සිට ලොව අනෙකුත් රාජ්‍යයන් වෙත ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාව ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකයට පිවිසෙන මේ මොහොතේ, නියාමනය කෙරුණු, පහසු සහ කඩිනම් මුදල් හුවමාරු හා ගෙවීම් සේවාවක් මෙරට ආර්ථික වර්ධනයටත්, සමාජ සංවර්ධනයටත් අත්‍යවශ්‍ය සාධකයක්‘ යනුවෙන් වෙස්ටර්න් යුනියන් සමාගමේ දකුණු ආසියානු සහ ඉන්දු-චීන කලාපයේ උප සභාපතිනී සෝහිනී රජෝලා මහත්මිය සඳහන් කළාය.

 

නව අදහස දක්වන්න