තාජුදීන් ඝාතනය - වාහන 04ක් ගැන පරීක්ෂණ | දිනමිණ

තාජුදීන් ඝාතනය - වාහන 04ක් ගැන පරීක්ෂණ

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා කටයුතු කරගෙන යන බව නීතිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

එළෙස නම් කර ඇත්තේ, නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා ,හිටපු   නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර යන අයයි.

එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවිණ.

මෙම ඝාතනය සිදු වූ දින අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන හතරක් පිළිබඳව හා ඒවායේ ගමන් බිමන් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව ද  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින් වශයෙන් කටයුතු කළ යුධ හමුදා සහ නාවික හමුදා නිලධාරීන් කීහිප දෙනෙකුගේ ගමන් බිමන් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳ රාජකාරි වාර්තා සොයා ගැනීමට නොහැකිවී ඇතැයිද අධිකරණට දුන්නේය.

එමෙන්ම මියගිය වසීම් තාජුදින්ගේ ලැප්ටොප් පරිගණකය  සහ ජංගම දුරකථනය ඔස්සේ ද පරීක්ෂණ සිදුකළ බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ හරහා පරීක්ෂණවලට වැදගත් වන තොරතුරු සොයාගැනීමට නොහැකිවූ බව දැනුම් දුන්නේය.

අනතුරුව පැමිණිල්ල ජුනි මස 27 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා දින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්න නියම කළේය.

නව අදහස දක්වන්න