ඉන්දු පාකි­ස්තාන් වෙඩි නූල නැව­ත­ත් ගිනි ගනී | දිනමිණ

ඉන්දු පාකි­ස්තාන් වෙඩි නූල නැව­ත­ත් ගිනි ගනී

ධම්මික සෙනෙවිරත්න

2014 වස­රේදී බල­යට පත්වී­මෙන් පසු අග­මැති මෝදි පාකි­ස්තාන අග­මැති නවාෂ් ෂරීෆ්ට ආරා­ධනා කර සාකච්ඡා මඟට අව­තීර්ණ විය. එම ක්‍රියා­ව­ලිය ඇරැඹි දින කිහි­ප­යක් තුළ පත­න්කොට් හි ඉන්දීය ගුවන් කඳ­වු­ර­කට එල්ල වූ ත්‍රස්ත­වාදී ප්‍රහා­ර­ය­කින් සෙබ­ළුන් 6 දෙනෙකු ජීවි­ත­ක්ෂ­යට පත්විය. මේ ප්‍රහා­රය සිදු­කර තිබු­ණේද ජයිෂ් ඉ මොහො­මඩ් ත්‍රස්ත­වාදී කල්ලි­යයි. සාකච්ඡා ක්‍රියා­ව­ලිය බිඳ වැටිණි. අග­මැති ඛාන් බල­යට පත්වූ පසුව ද, ඉකුත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළු වාර­යේදී දෙරටේ ‍විදේශ ඇමැ­ති­වරු අතර පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ හමු­වත් අව­ලංගු විය.

ඉන්දු කාශ්මී­රයේ පුල­වමා ප්‍රදේ­ශ­යේදී ඉන්දීය ආර­ක්ෂක අංශ සාමා­ජි­ක­යන් ගමන් ගනි­මින් සිටි රථ පෙළ­කට එල්ල වූ ඉස්ලා­මීය අන්ත­වාදී ත්‍රස්ත­වාදී ප්‍රහා­රය ඉන්දි­යාව හා පාකි­ස්තා­නය අතර දැඩි උණු­සුම් තත්ත්ව­යක් නිර්මා­ණය කොට තිබේ. මෙම ප්‍රහා­රය 1980 ගණ­න්ව­ලින් පසු සිදුවූ දරු­ණුම ප්‍රහා­ර­යයි. ඉන් ජීවි­ත­ක්ෂ­යට පත් අතුරු හමුදා සාමා­ජික සංඛ්‍යාව 42 ක් පමණ වේ. ප්‍රහා‍රයේ වග­කීම ජයිෂ් ඉ මොහො­මඩ් (Gem) නම් පාකි­ස්තා­නයේ සිට ක්‍රියා­ත්මක ත්‍රස්ත­වාදී කල්ලිය බාර­ගෙන ඇත.

ජයිෂ් ඉ මොහො­මඩ් කල්ලිය හා එහි නාය­කයා වන මෂූඩ් අසාර් පාකි­ස්තා­නයේ සිට ක්‍රියා­ත්මක වන බව පව­ස­මින් මේ පිළි­බඳ පාකි­ස්තා­නය වග­කි­ව­යුතු බවට ඉන්දි­යාව චෝදනා කරයි. අග­මැති නරේන්ද්‍ර මෝදි ප්‍රකා­ශ­යක් කර­මින් කීවේ. මීට ප්‍රති­චාර දැක්වී­මට ඉන්දීය ආර­ක්ෂක අංශ­ව­ලට පූර්ණ නිද­හස ලබා­දෙන බවය. සිය ආර­ක්ෂක හමු­දා­වල ශක්තිය හා ධෛර්යය ගැන තමන්ට විශ්වාස බව ද ඔහු කියා සිටි­යේය. තම රටට එල්ල­වන චෝදනා දැඩිව ප්‍රති­ක්ෂේප කරන බව කියා සිටි පාකි­ස්තාන අග­මැති ඉම්රාන් ඛාන් යම් හෙය­කින් ඉන්දි­යාව ප්‍රහා­රා­ත්මක පිය­ව­රක් ගත­හොත් ඊට ප්‍රති­චාර දැක්වී­මට පසු­බට නොවන බව ද පැවැ­සීය.

අතී­ත­යේද මෙවැනි අව­ස්ථා­වල මෙලෙ­සම චෝදනා කර ගැනීම් සිදු­විය. දෙරට අතර යුද ගැටුම් දක්වා ඒවා දුර­දිග ගිය අවස්ථා ද තිබණි. කාශ්මී­රය ඔස්සේ දෙරට අතර දේශ­සී­මාව ලොව ඉහ­ළම යුද අව­දා­න­මක් ඇති කලා­ප­යක් ලෙස සැලකේ. එහි මිලි­ටරි බලය ඉතා ඉහ­ළය. එබැ­වින් ගැටු­ම­කට නොයා අර්බු­දය සාක­ච්ඡා­වෙන් විස­ඳා­ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් අන්තො­නියෝ ගු‍ටරෙස්ද දෙර­ටෙන්ම ඉල්ලා තිබිණි.

චෝදනා සහ පිළිතුරු

ඉන්දි­යාව හා පාකි­ස්තා­නය යන දෙර­ටම න්‍යෂ්ටික බල­ව­තුන්ය. දෙරට අතර යුද ගැටු­මක් ඇති­වීම දරුණු ඛේද­වා­ච­ක­යක් වනු නිසැක බැවින් නිර්මා­ණය වී ඇති උණු­සුම් තත්ත්වය ගැන දැඩි අව­ධා­න­යෙන් පසු­වන බව ද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ප්‍රකා­ශක ස්ටෙපාන් ඩුජ­රික් පවසා සිටී.

කාශ්මීර ප්‍රශ්නය සම්බ­න්ධ­යෙන් කෙරෙන බාහිර මැදි­හ­ත්වීම් ඉන්දි­යාව දිගින් දිග­ටම තරයේ ප්‍රති­ක්ෂේප කර ඇත. ඉන්දි­යාවේ ස්ථාව­රය එය ද්විපා­ර්ශ්වික සාකච්ඡා මඟින් විස­ඳා­ගත යුතු කාර­ණ­යක් බවය. පුල­වමා ප්‍රහා­රය පිළි­බඳ ජාත්‍ය­න්ත­රය නොමග යැවී­මෙන් පාකි­ස්තා­නය වැළැ­කිය යුතු බව ද ඉන්දි­යාව කියා සිටී. අන්ත­වාදී ත්‍රස්ත­වාදී කණ්ඩා­යම් පාකි­ස්තා­නයේ සිට නිද­හසේ ක්‍රියා­ත්මක වන බව ඉතා පැහැ­දිලි කාර­ණ­යක් බව

ඉන්දි­යාවේ චෝද­නා­වය.

වසර කිහි­ප­ය­කට පෙර ඉන්දීය පාර්ලි­මේ­න්තු­වට එල්ල වූ ත්‍රස්ත­වාදී ප්‍රහා­ර­යේදී ද චෝදනා එල්ල වූයේ මේ ත්‍රස්ත­වාදී කල්ලි­ය­ටය. කෙසේ වුවද පාකි­ස්තා­නයේ නව අගැ­මති ඉම්රාන් ඛාන් කියා සිටින්නේ දැන් ඇත්තේ අලුත් පාකි­ස්තා­න­යක් බවයි. තම භූමියේ සිට ත්‍රස්ත­වා­දීන්ට නිද­හසේ ක්‍රියා­ත්මක වීමට ඉඩ නැතැයි ඔහු පවසා තිබුණි. ත්‍රස්ත­වා­ද­යට සහාය දක්වන බවට චෝදනා කළද ත්‍රස්ත­වා­ද­යට එරෙහි සට­නේදී පාකි­ස්තා­නු­වන් 70,000 ක් පමණ ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇති බව ද ඔහු පව­සයි.

මෙම මරා­ගෙන මැරෙන ප්‍රහා­රය මෙහෙ­ය­වීම පාකි­ස්තාන බුද්ධි සේවාව වන ISI මඟින් කර ඇති බවට ඉහළ පෙළේ ඉන්දීය ආර­ක්ෂක ප්‍රධා­නි­යකු චෝදනා කර තිබේ. ඊට ප්‍රමා­ණ­වත් සාක්ෂි ඇති බව ඉන්දි­යාව පව­සයි. එහෙත් පාකි­ස්තා­නය කියා සිටින්නේ චෝද­නා­වට පද­න­මක් නොමැති බවය. බුද්ධි තොර­තුරු ඇත්නම් තමන්ට ද ලබා දෙන ලෙස පව­සන පාකි­ස්තා­නය ඒ ඔස්සේ ගත හැකි ක්‍රියා­මාර්ග ගන්නා බව ද කියා තිබේ. ඒ පිළි­බඳ තමන් සහ­තික වන බව ද පාකි­ස්තාන අග­මැ­ති­ව­රයා කියා තිබිණි.

මේ අව­ස්ථාවේ ඉන්දි­යා­වට සහාය දක්වන බව පව­සන අමෙ­රි­කාව ප්‍රහා­ර­යට සම්බන්ධ අයට දඬු­වම් කරන ලෙස පාකි­ස්තා­න­යට බල­කර ඇත. ඉන්දි­යා­වට කන­ගා­ටුව පළ­කි­රී­මෙන් නොනැ­වතී ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව ක්‍රියා­කි­රීම සඳහා දැඩිව සහාය දක්වන බව ‍අමෙරිකා රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රකා­ශ­ක­යකු මාධ්‍ය­යට පවසා තිබිණි.

එක්සත් ජාතීන්ගේ ආර­ක්ෂක මණ්ඩ­ලය ද පුල­වමා ත්‍රස්ත­වාදී ප්‍රහා­රය දැඩිව හෙළා­දැක තිබේ. ප්‍රහා­ර­යට වග­කි­ව­යු­ත්තන් ජයිෂ් ඉ මොහො­මඩ් කල්ලිය නීතිය හමු­වට රැගෙන ආ යුතු බවට ද ආර­ක්ෂක මණ්ඩ­ලය අව­ධා­ර­ණය කරයි. ලෝක සාමය හා ආර­ක්ෂා­වට ඇති බල­වත්ම තර්ජ­න­යක් ලෙස ත්‍රස්ත­වා­දය හඳුන්වා දෙමින් එය පරා­ජය කිරී­මට එක්ව ක්‍රියා­කළ යුතු බවද එම­ඟින් ඉල්ලා ඇත.

ජාතික මැති­ව­රණ ආසන්න වෙමින් ඇති පසු­බි­මක මෝදිගේ රජ­යට ජන­තා­ව­ගෙන් ද දැඩි බල­පෑම් එල්ල වෙමින් තිබේ. ප්‍රහා­ර­යට සම්බන්ධ අයට එරෙ­හිව දැඩි ක්‍රියා­මාර්ග ගත යුතු බව පව­ස­මින් ඔවුහු හඬ නඟති. ඉන්දි­යාව දැන­ට­මත් ඇතැම් පිය­වර ගෙන ඇත. වෙළෙ­ඳා­මේදී මෙන්ම රාජ්‍ය තාන්ත්‍රි­ක­වද පාකි­ස්තා­නය හුදෙ­කලා කරන බව දැන­ට­මත් ඉන්දි­යාව ප්‍රකාශ කර තිබේ. පාකි­ස්තා­නය ඉන්දි­යාවේ සිටින තම මහ­කො­ම­සා­රි­ස්ව­රයා ආපසු කැඳ­වී­මට පිය­වර ගෙන තිබිණි.

දෙරටේ දුරස් වීම

2014 වස­රේදී බල­යට පත්වී­මෙන් පසු අග­මැති මෝදි පාකි­ස්තාන අග­මැති නවාෂ් ෂරීෆ්ට ආරා­ධනා කර සාකච්ඡා මඟට අව­තීර්ණ විය. එම ක්‍රියා­ව­ලිය ඇරැඹි දින කිහි­ප­යක් තුළ පත­න්කොට් හි ඉන්දීය ගුවන් කඳ­වු­ර­කට එල්ල වූ ත්‍රස්ත­වාදී ප්‍රහා­ර­ය­කින් සෙබ­ළුන් 6 දෙනෙකු ජීවි­ත­ක්ෂ­යට පත්විය. මේ ප්‍රහා­රය සිදු­කර තිබු­ණේද ජයිෂ් ඉ මොහො­මඩ් ත්‍රස්ත­වාදී කල්ලි­යයි. සාකච්ඡා ක්‍රියා­ව­ලිය බිඳ වැටිණි. අග­මැති ඛාන් බල­යට පත්වූ පසුව ද, ඉකුත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළු වාර­යේදී දෙරටේ ‍විදේශ ඇමැ­ති­වරු අතර පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ හමු­වත් අව­ලංගු විය.

සවුදි අරා­බිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පාකි­ස්තා­නය සමඟ සමී­පව වෙළෙඳ හා ආර­ක්ෂක සබ­ඳතා පව­ත්ව­මින් සිටී. අමෙ­රි­කාව මෙන්ම යුරෝපා සංග­මය ද වෙළෙ­ඳා­මේදී එර­ටට යම් වර­ප්‍ර­සාද ලබා දී තිබේ. නිද­සු­නක් ලෙස ඉන්දි­යා­වට වඩා පාකි­ස්තා­නය පිළි­බඳ ඔවුන්ගේ බදු ප්‍රති­ප­ත්තිය සැහැ­ල්ලුය. ඉන්දි­යාව ද පාකි­ස්තා­නය වඩාත් සැල­කිලි දක්වන රාජ්‍යය (MFN) තත්ත්වය යටතේ තබා ගනු­දෙනු කර­මින් සිටි නමුත් ප්‍රහා­ර­යට පසු­දි­නම එම තත්ත්වය අත්හැ­රී­මට පිය­වර ගත්තේය. ඒ සමඟ රේගු බදු 200% කින් ඉහළ යනු ඇත. වසර 2007 න් පසුව දෙරට අතර එකදු ටෙස්ට් ක්‍රිකට් තර­ගා­ව­ලි­ය­ක්වත් පැවැත්වී නැත. පුල­වමා ප්‍රහා­ර­යත් සමඟ මේ දුර­ස්ථ­භා­වය තවත් පුළුල් වන ලකුණු පහළ වී තිබේ.

මුම්බායි ප්‍රහාරය

පාකි­ස්තා­න­යට එරෙ­හිව දැඩි පීඩ­න­යක් ජාත්‍ය­න්තර වශ­යෙන් ද එල්ල වෙමින් ඇති පසු­බි­මක 2008 දී සිදුවූ මුම්බායි ත්‍රස්ත­වාදී ප්‍රහා­ර­යට වග­කි­ව­යුතු බවට හඳු­නා­ගත් කණ්ඩා­යම් තහ­නම් කිරී­මට පාකි­ස්තා­නය මීට දෙදි­න­කට පෙර පිය­වර ගත්තේය.

ජමාම් උද් දවා (JUD) සහ ෆලා ඉ ඉන්ස­නි­යාත් (FIF) නම් සංවි­ධාන මෙලෙස තහ­න­මට ලක්වී ඇත. ඒවාට එරෙ­හිව පිය­වර ගන්නා ලෙස පකි­ස්තාන අග­මැ­ති­ව­රයා නියෝග කර ඇති බව ද වාර්තා විය. එම සංවි­ධාන දෙකම ලෂ්කාර් ඉ ටයිබා නම් ත්‍රස්ත­වාදී සංවි­ධා­න­යට සම්බන්ධ බව හඳු­නා­ගෙන තිබේ.

මුම්බායි ත්‍රස්ත ප්‍රහා­ර­යේදී 166 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ අතර දෙරට අතර යුද ගැටු­මක් ඇවිලී යාමට ඉතා ආසන්න තත්ත්ව­යක් උදා විය. වොෂි­න්ට­නය හා ඉන්දි­යාව කලක් තිස්සේ ලෂ්කාර් ඉ ටයිබා ත්‍රස්ත­වාදී සංවි­ධා­න­යට එරෙ­හිව පිය­වර ගන්නා ලෙසට පාකි­ස්තා­න­යට බල­ක­ර­මින් සිටි­යේය. එම කල්ලිය 2002 දී පාකි­ස්තා­නයේ තහ­නම්ව තිබු­ණද JUD හා FIF නම් පසු­ගි­යදා තහ­නම් වූ සංවි­ධාන 2 නාම­යෙන් ක්‍රියා­ත්මක විය. මේ සංවි­ධාන 2 තමන් ත්‍රස්ත­වා­දීන් සමග සම්බ­න්ධ­කම් නොද­ක්වන බව කියා සිටි අතර හඳුන්වා ගත්තේ පුණ්‍යා­ය­තන වශ­යෙනි. අමෙ­රි­කාව JUDනායක හෆීෂ් සයිද් ගේ හිසට ඇ. ඩො. මිලි­යන 10 ක මිලක් නියම කර තිබිණි. එහෙත් ඔහු පාකි­ස්තා­නයේ සිට නිද­හස්ව ක්‍රියා­ත්මක විය. එමෙන්ම මුම්බායි ත්‍රස්ත­වාදී ප්‍රහා­ර­යට තමන්ගේ සම්බ­න්ධ­යක් නැතැයි කියා සිටි­යේය. කෙසේ වුවද පමාවී හෝ පාකි­ස්තා­නය එම සංවි­ධාන තහ­නම් කිරී­මෙන් ඉදිරි ක්‍රියා­මාර්ග පිළි­බඳ පණි­වි­ඩ­යක් ලබා දී ඇති බව පෙනෙ­න්නට තිබේ. මේ පිය­වර දැනට දෙරට අතර ඇති උණු­සු­ම්කාරී තත්ත්වය මඳක් හෝ සම­නය කිරී­මට ඉඩ ඇත.

1947 දී නිද­හස ලබා­ගත් තැන් පටන්ම කාශ්මී­රයේ අයි­තිය වෙනු­වෙන් ඉන්දි­යාව මෙන්ම පාකි­ස්තා­නය ද අර­ගල කළේය. දශක 7 ක් තිස්සේ මේ ප්‍රශ්නය කේන්ද්‍ර­කර ගනි­මින් දෙරට අතර වරි­න්වර ගැටුම් ඇති­වෙ­මින් පවතී. එමෙන්ම අන්ත­වාදී කණ්ඩා­යම් ද ක්‍රියා­ත්ම­කව පවතී. සිදුව ඇති ජීවිත හානිය ද විශා­ලය. මෑත වසර කිහි­පය තුළ පම­ණක් දහස් සංඛ්‍යාත පිරි­සක් කාශ්මී­රය නිසා ජීවිත ගමන නිමා­කර ඇත. කාශ්මීර අර්බු­දය අව­සන් කිරීම සඳහා දෙරට අතර වරි­න්වර ඇතිවූ සාකච්ඡා ක්‍රියා­මාර්ග ද අපේ­ක්ෂිත ප්‍රති­ඵල ළඟා­කර දීමට සමත්ව නැත. දෙරට අතර යම් එක­ඟ­තා­වක් ඇති­ව­න­තුරු ගැටුම් හෝ මෙවැනි ප්‍රහාර සිදු­වනු ඇත. ඒවාට ඉඩ නොතැ­බී­මට දෙර­ට­ටම සැබෑ වුව­ම­නා­වක් මෙන්ම වැඩ­පි­ළි­වෙ­ළක් ද තිබිය යුතුය. ලොව කවර තැනක කවර අන්ද­මින් කවර අර­මු­ණක් උදෙසා වුවද මනු­ෂ්‍ය­ත්වයේ නාම­යෙන් ත්‍රස්ත­වා­ද­යට කිසිඳු ඉඩක් නොතැ­බිය යුතුය.


නව අදහස දක්වන්න