රාජ්‍ය ඇමැතිනී විජයකලාට එරෙහි නඩුව මැයි 8දා ඇසේ | දිනමිණ

රාජ්‍ය ඇමැතිනී විජයකලාට එරෙහි නඩුව මැයි 8දා ඇසේ

යාපනය වීරසිංහම් ශාලාවේ දී පැවති රාජ්‍ය උත්සවයක දී හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කරනු ලැබූ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවරා ඇති නඩුව එළැඹෙන මැයි (08) දින යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (22) නියෝග කළා ය.

වර්ෂ 2018-07-02 යාපනය වීරසිංහම් ශාලාවේ දී පැවති රාජ්‍ය උත්සවයක දී හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් සහන මැදිරියට සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමි හා සිංහල ජාතික සංවිධානයේ සභාපති ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රනාන්දු යන අය කළ පැමිණිල්ල අනුව මෙම විමර්ශනය ආරම්භ කරන ලදී.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්ති ප්‍රකාරව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂක අධිකරණයට කරුණු වාර්තා කරමින් විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ ර ඇති ප්‍රකාශය ත්‍රස්තවාදය වැළැක්වීමේ අඥා පනත යටතේ 1978 ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන වගන්තිය සංශෝධිත වගන්ති ප්‍රකාරව ප්‍රකාශිත නීතිය පිළිබද ලංකා දණ්ඩ නිතී සංග්‍රහයේ 115,120 යන වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවට නිරීක්ෂණය වන බව ය. නඩුව මැයි (08) යළි කැඳවීමට නියමිතය.

අමෝදා ජයමහ

නව අදහස දක්වන්න