වැඩ කරන ජන­තාව මෙවර අය-වැයෙන් තම අව­ශ්‍ය­තා­ව­ලට පිළි­තුරු බලා­පො­රොත්තු වෙනවා | දිනමිණ

වැඩ කරන ජන­තාව මෙවර අය-වැයෙන් තම අව­ශ්‍ය­තා­ව­ලට පිළි­තුරු බලා­පො­රොත්තු වෙනවා

වැඩ කරන ජන­තා­වගේ ජාතික අව­ශ්‍යතා සඳහා මෙවර අය-වැයෙන් පිළි­තුරු ලැබෙනු ඇතැයි බලා­පො­රොත්තු වන බවත්, ඒ කෙරෙහි එම ජන­තාව වැඩි අව­ධා­න­යෙන් බලා සිටින බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍ය­ස්ථා­නයේ සභා­පති කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ මර­දාන සමා­ජීය හා සාම­යීක කේන්ද්‍රයේ දී පෙරේදා (21) පැවති මාධ්‍ය සාක­ච්ඡා­ව­කට සහ­භාගී වෙමිනි.

ජීවන විය­ද­මට සරි­ලන ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, අහිමි කළ පූර්ණ නිද­හස් විශ්‍රාම වැටුප් අයි­තිය යළි ලබා­ගැ­නීම, පෞද්ග­ලික අංශයේ වැටුප රුපි­යල් 10,000කින් වැඩි කිරීම, වතු සේවක දෛනික වැටුප රුපි­යල් 1000 කිරීම ආදී ඉල්ලීම් පිළි­බ­ඳව එහි දී වැඩි­දු­ර­ටත් කරුණු විග්‍රහ කළේය.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

එළැ­ඹෙන අය-වැය පිළි­බ­ඳව වැඩ කරන ජන­තාව උන­න්දු­වෙන් බලා­ගෙන සිටි­නවා. මෑත කාලයේ දී ඉල්ලීම් කිහි­ප­යක් මුල් කර ගනි­මින් රාජ්‍ය අංශය සහ පෞද්ග­ලික අංශය අර­ගල ගණ­නා­වක් සිදු කළා. ඒ අය මේ අය-වැයෙන් යම් පිළි­තු­රක් ලැබේ යැයි බලා සිටි­නවා. මේ පිළි­බ­ඳව අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ මුදල් ඇමැ­ති­ව­රයා දැනු­වත් කර තිබෙ­නවා. පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණයේ දී ජන­තා­වගේ දැවැන්ත ප්‍රහා­ර­යත් සමඟ එක්සත් ජාතික පක්ෂ නාය­ක­යන් විසින් සිදු වූ අඩු­පාඩු නිවැ­රැදි කරන බවට පැවැ­සුවා. මේ වන විට සිදු කර තිබෙන්නේ මොනවා ද කියා අහ­නවා.

විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම සිදු කළා. නව ක්‍රම­යක් හඳුන්වා දෙනවා කව්වා. නමුත් එය ද තවම නෑ. අලු­තින් බැඳෙන රාජ්‍ය සේව­ක­යන්ට අවි­නි­ශ්චිත තත්ත්ව­යක් තිබෙ­නවා. කලින් තිබු විශ්‍රාම වැටුප් ක්‍රම­වේ­දය නැවත ගෙන එන්න කිය­නවා. අහිමි කළ විශ්‍රාම වැටුප ලබා දෙන බවට අය-වැයෙන් ප්‍රකාශ කළ යුතුයි.

රුපි­යල බාල්දු වීමත් සමඟ විදේශ රට­ව­ලින් ගෙන්වන භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් තිබෙ­නවා. ජීවන විය­දම ඉහළ ගොස් තිබෙ­නවා. මේ ඉහළ ගිය ජීවන විය­දම ආණ්ඩුව ජන­තා­වට ලබා දිය යුතුයි. රාජ්‍ය, වතු, පෞද්ග­ලික කියා භේද­යක් නෑ. ඒ අයට වෙනත් ආදා­යම් මාර්ග නෑ. වෙනත් ආදා­යම් මාර්ග නොමැති ඕනෑම වෘත්ති­ක­ය­කුට මේ වැඩි වූ ජීවන විය­දම ලබා දෙන්න අව­ශ්‍යයි. ආය­ත­නි­කව සේවය කරන අයට මෙය ලබා­දී­මට අව­ශ්‍යයි. ජාතික වෘත්තීය සමිති මධ්‍ය­ස්ථා­නය ලෙස මේ පිළි­බ­ඳව ඉල්ලී­මක් කර­නවා. පුද්ග­ලික අංශයේ වැටුප රුපි­යල් 10,000කින් වැඩි කිරී­මට අවශ්‍ය බව කිය­නවා.

වතු කම්ක­රු­වන්ගේ මූලික වැටුප රුපි­යල් 1000ක් දක්වා වැඩි කිරී­මට මෙවර අය-වැයට යෝජ­නා­වක් ලෙස ඉදි­රි­පත් කරන්න. පසුව එම යෝජ­නාව නීති­යක් බවට පත් කරන්න අව­ශ්‍යයි. මේ මස 26 වැනි දා සිට රාජ්‍ය, පෞද්ග­ලික, වතු ක්ෂේත්‍ර පද­නම් කර ගත් දැවැන්ත උද්ඝෝ­ෂණ මාලා­වක් වැඩ­බිමේ, වැඩ­බිම් පිටත, වැඩ නතර කිරීම, අති­කාල වර්ජන විවිධ ස්වරූ­ප­යෙන් සිදු කිරී­මට බලා­පො­රොත්තු වෙනවා. මේ කට­යුත්ත අඛ­ණ්ඩව අය-වැය දක්වාම ක්‍රියා­ත්මක කර­නවා. අය-වැය සම්මත වන මොහොත වන විට යෝජනා සම්මත වී නොති­බු­ණොත් වැඩ වර්ජන මාලා­ව­කට යනවා.

ජාතික වෘත්තීය සමිති මධ්‍ය­ස්ථා­නයේ ජාතික සංවි­ධා­යක වසන්ත සම­ර­සිංහ, සමස්ත ලංකා වතු කම්කරු සංග­මයේ සභා­පති කිත්නන් සෙල්ව­රාජ් මහ­ත්වරු ද මෙහි දී අද­හස් දැක්වූහ.

වෘත්තීය සමිති නාය­කයෝ ද, සමස්ත ලංකා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේ­ල­නය, දුම්රිය පොදු සේවක සංග­මය, රජයේ මුද්‍රණ දෙපා­ර්ත­මේ­න්තුව, ලංකා තැපැල් සේවා සංග­මය, සමස්ත ලංකා වතු කම්කරු සංග­මය ආදී වෘත්තීය සමිති කිහි­ප­යක නියෝ­ජි­තයෝ ද මේ අව­ස්ථා­වට සහ­භාගී වූහ.

චන්දිමා කරු­ණා­රත්න


නව අදහස දක්වන්න