ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2019-වසරේ වරාය සම්මා­නය ශ්‍රී ලංකා වරාය අධි­කා­රි­යට | දිනමිණ

ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2019-වසරේ වරාය සම්මා­නය ශ්‍රී ලංකා වරාය අධි­කා­රි­යට

ශ්‍රී ලංකා වරාය අධි­කා­රියේ අධ්‍යක්ෂ (සේවා සැපැ­යුම්) උපුල් ජය­තිස්ස මහතා සහ ප්‍රධාන කළ­ම­නා­කරු (සන්නි­වේ­දන හා මහ­ජන සම්බ­න්ධතා) නලින් අපොන්සු මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ­කාර විදේශ ඇමැති (ආර්ථික හා වෙළඳ) ඩුබායි වරාය සමූ­හයේ හිටපු ප්‍රධාන විධා­යක නිළ­ධාරි මොහො­මඩ් ෂරාෆ් මහතා අතින් සම්මා­නය ලබා­ගත් අයුරු.

ග්ලෝබල් පොර්ට් ෆෝරම් විසින් පස් වැනි වරට පව­ත්වන ලද සම්මාන උළෙලේ ‘2019 වසරේ වරාය අධි­කා­රිය’ සම්මා­නය දිනා­ගැ­නී­මට ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය සමත් විය. පසු­ගි­යදා ඩුබා­යිහි හයාට් රිජන්සි හෝටල් පරි­ශ්‍රයේ පැවැති මේ සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය නියෝ­ජ­නය කර­මින් අධ්‍යක්ෂ (සේවා ‍සැපැයුම්) උපුල් ජය­තිස්ස මහතා සහ ප්‍රධාන කළ­ම­නා­කරු (සන්නි­වේ­දන හා මහ­ජන සම්බ­න්ධතා) නලින් අපොන්සු මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ­කාර විදේශ ඇමැති (ආර්ථික හා වෙළෙඳ කට­යුතු) සහ ඩුබායි වරාය සමූ­හයේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරි මොහො­මඩ් ‍ ෂරාෆ් මහතා අතින් මේ සම්මා­නය ලබා ගන්නා ලදී.

මෙවර සම්මාන උළෙලේ දී ප්‍රශස්ත දාය­ක­ත්වය හා වෘත්තී­ය­මය ස්වභා­ව­යෙන් යුතුව කට­යුතු කරන වෙසෙස් ප්‍රදේ­ශ­යෙන්හි වරාය සහ පර්යන්ත පිළි­බඳ සහ ඒවායේ සාර්ථ­ක­ත්වය ළඟා කර ගැනීම පිළි­බඳ අව­ධා­නය හා අගැ­යු­මට ලක් කර­මින් ක්ෂේත්‍ර ගණ­නා­වක් යටතේ මේ සම්මා­නය පිරි­නැ­මීම සිදු කෙරිණි.

වසරේ ‘වරාය අධි­කා­රිය සම්මා­නය’ ට ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය පසු­ගිය වසරේ දී ද පාත්‍ර වූ අතර, අඛ­ණ්ඩව 2019වසරේ දීත් එය හිමි­කර ගැනී­මට හැකි­වීම ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය සතු විශි­ෂ්ට­ත්වය හෙළි කිරී­මකි.

වරාය, නාවික සහ දක්ෂිණ සංව­ර්ධන ඇමැති සාගල රත්නා­යක මහතා ද මේ පිළි­බඳ තමන්ගේ සුබ පැතුම් එක්කර තිබේ.

2005 වසරේ සිංග­ප්පූ­රුවේ කොස්මො­පො­ලි­ටන් ග්ලෝබල් පොර්ට් හි දී ව්‍යාපා­රි­කම ය අර­මුණු මුල් කර ගනි­මින් ආරම්භ කරන ලද ලෝක වරාය සැසිය (Global Port Forum – GPF) විසින් වාර්ෂික ව මේ සම්මාන උළෙල සංවි­ධාන කරනු ලබයි. එහිදී සාමා­ජික වරා­යන්ගේ ක්‍රියා­කා­රී­ත්වය හා එහි ඉදිරි සංව­ර්ධන දාය­ක­ත්වය පිළි­බඳ නිර­න්තර සැල­කි­ල්ලට ගනු ලැබේ.

ඇල්ෆා­ල­යි­නර් වාර්තා­ව­ලට අනුව කොළඹ වරාය 2018 වර්ෂයේ ලෝකයේ ප්‍රධාන බහලු මෙහෙ­යුම් වරා­යන් 30 අතර පළමු ස්ථාන­යට පත් වූයේ ලෝකයේ වර්ධන අනු­පා­තය අත­රින් කොළඹ වරාය පළමු තැනට පත්වී­මෙනි. මෙය කොළඹ වරාය ලැබූ සුවි­ශේෂ ජය­ග්‍ර­හ­ණ­යක් වන්නේ ප්‍රධාන යුරෝ­පි­යානු වරා­යන්, ඩුබායි හා ආසි­යානු වරා­ය­යන් ද අත­රින් මේ විශි­ෂ්ට­ත්ව­යට පත්වී­මට හැකි­වීම තුළිනි. 2018 වර්ෂයේ දී කොළඹ වරාය බහලු මෙහෙ­යුම ඉති­හා­සයේ සුවි­ශේෂී සන්ධි­ස්ථා­න­ය­කට එළැ­ඹෙ­මින් බහලු මිලි­යන 7 සීමාව ඉක්ම­වී­මට ද සමත් විය. Drewery වරාය සම්බ­න්ධතා දර්ශ­කය අනුව ප්‍රශස්ථ සම්බ­න්ධිත වරා­යන් 20 අතර, 13 වැනි ස්ථානය හිමි­කර ගැනී­මට සමත් වූ අතර, ආසි­යාවේ විශි­ෂ්ට­තම සම්බ­න්ධිත වරාය බවට පත්වී­මට ද කොළඹ වරා­යට හැකි විය.

ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය සහ කොළඹ වරායේ මේසා සුවි­සල් විජ­ය­ග්‍ර­හ­ණ­යෙ­හිලා කොළඹ වරාය ප්‍රව­ර්ධ­නය කිරීමේ අර­මු­ණින් එහි ක්‍රියා­ත්මක ප්‍රධාන පර්යන්ත ත්‍රිත්වය වන JCT,SAGT සහ CICT යන පර්යන්ත සමග සාමු­හික ගිවි­සු­ම්ගත වීමත් සමග කොළඹ වරායේ බහලු මෙහෙ­යුම් ප්‍රශස්ථ මට්ට­ම­කට පැමි­ණී­මට හැකි විය.

එමෙන්ම ශ්‍රී ලංකා වරාය අධි­කා­රියේ කළ­ම­නා­කා­රී­ත්වය වරාය මෙහෙ­යුම් ක්‍රියා­ව­ලි­යට සම්බන්ධ සිය­ලුම පාර්ශ්ව­යන්ගේ දාය­ක­ත්වය හා වෘත්තීය සමිති මෙන් ම සමස්ත වරාය සේවක මහත්ම මහ­ත්මීන් අතර පැවැති සහ සම්බ­න්ධ­තා­වන් ඉතා ප්‍රශස්ථ ලෙස වර්ධ­නය වී තිබී­මෙන් මෙවන් ජය­ග්‍ර­හ­ණ­යක් කරා ළඟා­වී­මට හේතු වී තිබේ.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය මගින් තුන් අවු­රුදු සංව­ර්ධන සැලැ­ස්මක් සකස් කර ඇති අතර, ඒ මගින් ඉදිරි කාලය තුළ දී සංව­ර්ධන කට­යුතු වඩාත් වේග­වත් ව ඉදි­රි­යට ගෙන­යා­ම­ටත්, ඒ තුළින් බහලු මෙහෙ­යුම් තව­දු­ර­ටත් ඉහළ නංව­මින් කොළඹ වරාය ආසි­යාවේ කේන්ද්‍රීය වරාය බවට පත් කිරී­මට අපේ­ක්ෂි­තය.

නව අදහස දක්වන්න