කොම්ප­ඤ්ඤ­වී­දියේ තට්ටු නිවැසි ජන­තා­වගේ ගැට­ලු­ව­ලට ස්ථිර විස­ඳුම් | දිනමිණ

කොම්ප­ඤ්ඤ­වී­දියේ තට්ටු නිවැසි ජන­තා­වගේ ගැට­ලු­ව­ලට ස්ථිර විස­ඳුම්

සමන්මලී ප්‍රියශාන්ති

කොම්ප­ඤ්ඤ­වී­දියේ තට්ටු නිවා­ස­වල ජීව­ත්වන ජන­තා­වගේ නිවාස ගැට­ලු­ව­ලට මෙන් ම එම ප්‍රදේ­ශය සමඟ බැඳුණු ජීවන වෘත්තීන් හී ගැට­ලු­ව­ලට ස්ථිර විස­ඳු­මක් ගෙන එන්නට කට­යුතු කරන බව නගර සැල­සුම්, ජල සම්පා­දන සහ උසස් අධ්‍යා­පන ඇමැති රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය.

ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ ස්වයං රැකි­යා­ලා­භීන්ට සහන ණය පද­නම යටතේ යතුරු පැදි සහ ට්‍රක් රථ ලබා­දීමේ උත්ස­ව­ය­කට සහ­භාගී වෙමිනි.

බස්නා­හිර පළාත් සභාවේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී අර්ෂාඩ් නිසා­ම්දීන් සහ කොළඹ මහ නගර සභාවේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී එම්. අයි. එම්. අනාස් මහ­ත්ව­රුන් මේ උත්ස­වය සංවි­ධාන කර තිබිණි.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක් වූ ඇමැ­ති­ව­රයා මෙසේ ද කීවේය.

1970 ගණ­න්වල ඒ කියන්නේ පීටර් කෙන­මන්ගේ කාලයේ තමයි මේ ජන­තා­වට ස්ටුවර්ට් වීදියේ ඉදි කරන තට්ටු නිවා­ස­වල නිවාස ලබා දෙන බව පොරොන්දු වී පසුව තාව­කා­ලික ලෙස කොම්ප­ඤ්ඤ­වී­දියේ මේ නිවාස ලබා දුන්නේ. නිවාස 115ක් පමණ මෙතැ­නින් ඉවත් කර තවත් තැන­කට ගෙන යෑමේ බලා­පො­රො­ත්තු­වක් මේ වන විට තිබෙ­නවා. එය හොඳ දෙයක්. නමුත් මේ ජන­තා­වගේ ජීවන වෘත්තිය බොහෝ වෙලා­වට රැඳී තිබෙන්නේ මේ ප්‍රදේ­ශ­යම කේන්ද්‍ර කර­ගෙන. ඔවුන් පිට පළා­ත්ව­ලට ගෙන යෑමෙන් සිදු­වන්නේ ඔවුන්ගේ ජීවන වෘත්තී­න්ව­ලට බාධා­වක්. ඒ නිසා ඒ අයට නැවත මේ ප්‍රදේ­ශ­ව­ලට පැමි­ණෙ­න්නට ඉඩ­කඩ ලබා­දී­මට වග බලා ගත යුතුයි. මේ පිළි­බඳ නාග­රික සංව­ර්ධන අධි­කා­රිය සහ නිවාස සංව­ර්ධන අධි­කා­රියේ නිල­ධා­රීන් තමන්ට වුව­මනා පරිදි කෙටි විස­ඳුම් බොහෝ දුරට සොය­නවා. නමුත් මේ පිළි­බඳ ව යම් යුක්ති සහ­ගත විස­ඳු­මක් මේ පවුල් සිය­ල්ලට ම ලබා දිය යුතුයි.

ඒ වගේම උසස් අධ්‍යා­පන ඇමැ­ති­ව­රයා වශ­යෙන් මම මගේ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා ඇතුළු නිල­ධා­රීන්ට ‘වෘත්තීය මාර්ගෝ­ප­දේ­ශන’ දේශන මාලා­වක් රට පුරා කලාප අධ්‍යා­පන කාර්යාල මට්ට­මින් පැවැ­ත්වී­මට උප­දෙස් දුන්නා. අද අපේ රටේ බහු­ත­ර­යක් ශිෂ්‍ය ශිෂ්‍යා­වන් දන්නේ නෑ තමන් සාමාන්‍ය පෙළ අව­සාන කර තෝරා ගත යුත්තේ කුමන පාඨ­මාලා ද, තමන්ගේ ප්‍රති­ඵල අනුව තෝරා ගත යුත්තේ කුමන පාඨ­මාලා ද කියලා. ඒ වගේ ම උසස් පෙළ විභා­ගය අව­සන් වීමෙන් පසුව වුව ද විශ්ව­වි­ද්‍යාල සඳහා නොතේ­රෙන නමුත් වෙනත් වෘත්තීය පාඨ­මාලා සඳහා ඇතු­ළත් විය හැකි ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට එම පාඨ­මාලා පිළි­බ­ඳව නිවැ­රැදි දැනු­මක් සහ ඒ වෙත යොමු වන ආකා­රය පිළි­බඳ දැනු­වත් කර­න්න­ටත් එම දේශන මාලා­වෙන් බලා­පො­රොත්තු වෙනවා. මේ සඳහා මහ­පොළ ශිෂ්‍යත්ව භාර­කාර අර­මු­ද­ලින් අවශ්‍ය මූල්‍ය­මය දාය­ක­ත්වය ලබා­ගැ­නී­ම­ටත් බලා­පො­රොත්තු වෙනවා.

කාර්මික අධ්‍යා­පන ආය­තන, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යා­පන ආය­ත­නය වගේ ආය­තන රට පුරා තිබෙ­නවා. ඒවායේ තිබෙන රැකි­යා­භි­මුඛ පාඨ­මාලා ඇතැම් විට ඉතා ම සහ­න­දායී මිලක් යටතේ නොඑසේ නම් කිසිදු මුද­ලක් නොගෙවා හැදෑ­රී­මට හැකි බව බොහෝ දරු දැරි­යන්ට අව­බෝ­ධ­යක් නෑ. ඒ පිළි­බඳ නිසි ප්‍රචා­ර­ණ­යක් ඒ ඒ ආය­තන සහ පාස­ලෙන් සිදු වන්නේත් නෑ. එබැ­වින් මේ කට­යුත්ත අපේ සියලු ම දරු දැරි­යන්ට වගේ ම රටේ අනා­ග­ත­ය­ටත් හොඳ ප්‍රති­ඵල ලබා දෙන වැඩ­ස­ට­හ­නක් වේවි.

පාර්ලි­මේන්තු මන්ත්‍රී මුජි­බර් රහු­මාන් මහතා ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක් වුහ.

 


නව අදහස දක්වන්න