ග්‍රාම නිල­ධා­රීන්ගේ ගැටලු විසැ­ඳී­මට අව­ධා­නය යොමු විය යුතුයි | දිනමිණ

ග්‍රාම නිල­ධා­රීන්ගේ ගැටලු විසැ­ඳී­මට අව­ධා­නය යොමු විය යුතුයි

ධනුෂ්ක ගොඩකුඹුර

මෙරට රාජ්‍ය සේවයේ සුවි­ශේෂී මෙන්ම වැද­ගත් මෙහෙ­ව­රක් ඉටු කරන රාජ්‍ය සේව­ක­යන් පිරි­සක් වන ග්‍රාම නිල­ධා­රීන්ගේ ගැටලු හැකි ඉක්ම­ණින් විසැ­ඳී­මට රජයේ ප්‍රමුඛ අව­ධා­නය යොමු විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නාය­ක­ව­රයා මේ අද­හස් පළ කළේ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිල­ධාරී සංග­මයේ නිල­ධා­රීන් සමඟ කොළඹ 07, විජේ­රාම පෙදෙසේ පිහිටි නිල නිවසේ දී පෙරේදා (20) පැවති සාක­ච්ඡා­ව­කට එක් වෙමිනි.

ග්‍රාම නිල­ධාරී සේවා ව්‍යව­ස්ථාව අනු­මත නොකි­රීම, ග්‍රාම සේවා නිල­ධාරී ශ්‍රේණි ක්‍රමයේ නොවි­ස­ඳුණු ගැටලු, වැටුප් විස­මතා වැනි කරුණු පිළි­බඳ ඔවුහු විපක්ෂ නාය­ක­ව­රයා වෙත කරුණු ඉදි­රි­පත් කළහ. මේ ප්‍රශ්න විස­ඳා­ගැ­නී­මට පසු­ගිය අවු­රුදු හත­රක කාලය පුරාම ස්වදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා සහ එම අමා­ත්‍යාං­ශයේ ඉහළ නිල­ධා­රීන් සමඟ සාකච්ඡා කළ ද එය‍ට විසැ­ඳු­මක් නොලැ­බුණු බවත් ඔවුහු ප්‍රකාශ කළහ. ඉදි­රි­පත් කරනු ලැබූ ප්‍රශ්න පිළි­බඳ සුදුසු පරිදි ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සහ විෂ­ය­භාර ඇමැ­ති­ව­ර­යාගේ අව­ධා­න­යට යොමු කිරී­මට කට­යුතු කරන බව විපක්ෂ නාය­ක­ව­රයා නියෝ­ජිත පිරි­සට දැන්වීය.

තම සංග­මයේ ප්‍රශ්න පිළි­බඳ සාකච්ඡා කිරී­මට අව­ස්ථාව ලබා දීම ගැන ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිල­ධාරී සංග­මය විපක්ෂ නාය­ක­ව­රයා වෙත ගෞර­වය පළ කළේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන සුසිල් ප්‍රේම­ජ­යන්ත, ගාමිණි ලොකුගේ, මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේ­ව­ර්ධන මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 


නව අදහස දක්වන්න