කනේ පාර සැර වැඩි වී රු: 20,000ක වන්දි­යක් | දිනමිණ

කනේ පාර සැර වැඩි වී රු: 20,000ක වන්දි­යක්

ආර­වු­ලක් දුර­දි­ග­ගොස් වන්දි ගෙවි­මට සිදු­වී­මක් පාත­හේ­වා­හැ­ටින් වාර්තා වෙයි. එය ප්‍රදේ­ශයේ ප්‍රසිද්ධ පාස­ලකි. එහි නව­වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය­යන් දෙදෙ­නෙකු අතර පසු­ගිය දිනක බහි­න්බස් වීමක් සිදුවී ඇත. දෙදෙ­නා­ගේම යහ­ළු­වන් දෙදෙ­නාව උසි ගැන්වී­මක් කර බහි­න්බ­ස්වීම උග්‍ර­කර ඇත. ඉන්පසු එක් ශිෂ්‍ය­යකු විසින් අනෙ­කාට වැරෙන් කනේ­පා­රක් ගසා ඇත. එය කෙත­රම් දරු­ණු­වීද යත් පහ­රකෑ සිසු­වාගේ කන ඇසීම දුර්ව­ලවී වේද­නා­වෙන් පෙළෙ­න්නට විය. මෙය ඔවුන්ගේ මවු­පි­යන් අත­ර­ටද ගොස් ඇත. ඉන්පසු පහ­රකෑ සිසු­වාගේ මව්පි­යන් පහ­ර­දුන් සිසු­වාට විර­ද්ධව පාත­හේ­වා­හැට සමථ මණ්ඩ­ලයේ පැමි­ණි­ල්ලක් කිරී­මෙන් පසු එය සම­ථ­ක­රු­වන් ඉදි­රියේ විභා­ග­යට ලක්ව ඇත. මෙහිදී පහ­රකෑ සිසු­වාගේ මවු­පි­යන් තම දරු­වාට සිදුවූ හානි­යට වන්දි මුද­ලක් ඉල්ලා සිටි­යහ. පසුව දෙපා­ර්ශ්ව­යේම එක­ඟ­ත්වය මත පහ­රකෑ සිසු­වාට රුපි­යල් 20,000 වන්දි­යක් එක­වර ගෙවී­මට එක­ඟ­වී­මෙන් ආර­වුල සම­ථ­ය­කට පත්විය.

පී.ඒ.කපු­රු­බ­ණ්ඩාර ආරච්චි

නව අදහස දක්වන්න