දෑස් නොපෙ­නෙන අජිත්ගේ පවු­ලට උප­කාර කරන්න | දිනමිණ

දෑස් නොපෙ­නෙන අජිත්ගේ පවු­ලට උප­කාර කරන්න

ඔහු නමින් එච්.ඩී. අජිත් කුමා­රය. උප­තින්ම දෑස් අන්ධ වුවත් ඔහු­ටද ආශා­වන් බොහො­ම­යක් ඇත. ඔහුගේ බිරි­යද අන්ධය. ඔහුට දිය­ණි­යන් දෙදෙ­නෙක් සිටිනා අතර මොහුගේ දැන් එකම බලා­පො­රො­ත්තුව වී ඇත්තේ එම දරු­වන් දෙදෙ­නාට හොඳින් ඉගැ­න්වී­මය. දෑස් පෙනෙ­මින් අන්ධ­යන් මෙන් හැසි­රෙන වංච­නි­ක­යන් ඇති මෙවන් සමා­ජ­යක මොහු වීර චරි­ත­යක් වී ඇත්තේ දෑස නොපෙ­නු­ණත් උද­යෙන්ම නැගිට කළු­තර බෝධිය අස­ලට පැමිණ හඳු­න්කූරු විකුණා තම අස­රණ දරු දෙදෙ­නාත් බිරි­යත් ජීවත් කිරී­මට ගන්නා උත්සා­හය නිසා­වෙනි. නෑදෑ නිවෙ­සක අප­හ­සු­වෙන් ජීව­ත්වන මේ පවුල වෙනු­වෙන් නිවෙ­සක් තනා දී උදවු කිරී­මට කැමැති අයෙකු වෙතොත් එය මහත් කුස­ල­යක් වනු නොඅ­නු­මා­නය.

කළු­තර දකුණ විශේෂ සුනේත්‍රා වන්නි ආරච්චි

නව අදහස දක්වන්න