කෑගලු නීලහරිත එක්දින ගැටුම අද | දිනමිණ

කෑගලු නීලහරිත එක්දින ගැටුම අද

කෑගලු බාලිකා කණ්ඩායම

කෑගලු බාලිකා මහා විද්‍යාලය සහ කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය අතර සිවුවැනි වරට පැවැත්වෙන කෑගලු නීලහරිත මහා ලෙදර් බෝල් එක්දින ක්‍රිකට් තරගය අද (23) කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රධානී අප්සාරි තිලකරත්න මහත්මිය සහභාගී වේ.

පී.ඩී.ඩී.එල්.කුමාරසිරිගේ නායකත්වයෙන් සහ ඩබ්.එම්.ආර්.එම්.වීරසිංහගේ උප නායකත්වයෙන් කෑගලු බාලිකා පිල තරගයට එක්වන අතර සාන්ත ජෝශප් පිල තරගයට එක්වන්නේ ඩබ්.ඩී.ඩී.කේ. විජේසිංහගේ නායකත්වයෙනි.

නව අදහස දක්වන්න