මලල ක්‍රීඩා තේරීම් තරගයේදී හිමාෂගෙන් දස්කම් | දිනමිණ

මලල ක්‍රීඩා තේරීම් තරගයේදී හිමාෂගෙන් දස්කම්

ප්‍රින්ස් ගුණසේකර

ජාතික මලල ක්‍රීඩා ජ්‍යෙෂ්ඨ තේරීම් තරගාවලියේදී මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව උසුලන හිමාෂ ඒෂාන් කැපී පෙනෙන දස්කම් දක්වයි. ලබන අප්‍රේල් මාසයේ දෝහා කටාර් හී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී කරවන ශ්‍රී ලංකා පිල තේරීම උදෙසා ජාතික තේරීම් තරගාවලිය ඊයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ අතර එහිදී මීටර් 100 මූලික වටයේදී හිමාෂ ඒෂාන් තත්පර 10. 11කින් තරගය නිමකළ ද එය ශ්‍රී ලංකා වාර්තාවක් බවට පත් නොවුණි. ඔහු වාර්තා කළ කාලය සුලං වේගයේ වාසිය මත ලබාගත් එකක් බවට තීරණය වුවද එය සැලකිය යුතු දක්ෂතාවක් ලෙස සටහන් වුණි.

මෙහි ශ්‍රී ලංකා වාර්තාව තත්පර 10. 26ක් ලෙස සටහන්ව තිබූ අතර. එය වසර 2016දී ඉන්දියාවේ ගුවහාතිහී පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී හිමාෂ ඒෂාන් විසින්ම පිහිටුවා තිබිණි.

මීටර් 100 ඉසව්ව වෙනුවෙන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට අවශ්‍ය පරිසාධන මට්ටම වූයේ තත්පර 10. 25කි. දෝහා ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබන ක්‍රීඩකයන් හෙට පැවැත්වෙන තේරීම් තරගවලදීද සලකා බලා පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


නව අදහස දක්වන්න