ඇඹුල්දෙණියට සති 6ක් තරග අහිමියි | දිනමිණ

ඇඹුල්දෙණියට සති 6ක් තරග අහිමියි

පෝර්ට් එලිසබෙත්හි ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අතරතුරදී උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට සති 6ක කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.

වෛද්‍ය වාර්තාවලට අනුව වම් අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමක් සිදුවී ඇති අතර ක්‍රීඩකයා ශෛල්‍ය කර්මයකට භාජනය කොය ඇත. කගිසෝ රබාඩා වෙත යොමු කරන ලද පන්දුවක් පෙරළා උඩ පන්දුවක් වශයෙන් රැක ගැනීමට යෑමේදී එම ආබාධයට ඇඹුල්දෙණිය ගොදුරු වී තිබේ.

ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක් ජයක් හිමිවූ ඩර්බන් තරගයේදී ඇඹුල්දෙණිය මංගල ටෙස්ට් වරම් දිනා ගනු ලැබූ අතර දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් ද සමගින් තරගය පුරාවට කඩුලු 6 ක් බිඳ හෙළමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ඇඹුල්දෙණියගෙන් ලැබුණි.

නව අදහස දක්වන්න