අතීතයේ උරුම රකිමු | දිනමිණ

අතීතයේ උරුම රකිමු

සෑම රටකටම ආවේණික වූ අතීත උරුමයන් දක්නට ලැබේ. රටක අනන්‍යතාව පිළිබිඹු කරන කැඩපත වන්නේ පෞරාණික වස්තූන් ය.

අතීත කාමයක් නොමැති රටකට අනාගතයක් ද වර්තමානයක් ද ගොඩනැඟිය නොහැකි බව අප සිහි තබාගත යුතුය.

සංචාරක ව්‍යාපාරය තුළ ද හදවත වන්නේ අපේ පැරණි නටබුන් හා සංස්කෘතික උරුමයන්ය. දෙස් විදෙස් සංචාරකයන් බොහෝ රටවල්වල සංචාරය කරනුයේ නවීන පහසුකම් අත්විඳීමට වඩා පැරණි දේ දැකගැනීමට ය.

අපගේ පාරම්පරික උරුමයන් අතර අම්බලමට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි. අතීත ජනයා තම ගමන් වෙහෙස නිවාගන්නේ අම්බලම හරහාය. එවකට අද මෙන් සංචාරක ගිමන්හල් රට පුරා ව්‍යාප්තව නොතිබූ අතර ගැමියන් තම රැය පහන් කළේ අම්බලම හරහාය. එවකට ඉදිවූ අම්බලම් දැන් බොහෝමයක් ගරාවැටී ඇති අතර තවත් කොටසක් නිසි නඩත්තුවක් නොමැතිකමින් දිරාපත් වී ඇත.

මතු පරපුරට මෙම අම්බලම් දැකගැනීමට සංරක්ෂණය කළ යුතු කාලය එළඹ තිබේ. මේ සඳහා සංස්කෘතික අමාත්‍යාංශයේ සහයෝගය ලැබේ නම් එම කටයුත්ත පහසු වනු ඇත.

චන්දන ලියනආරච්චි

නව අදහස දක්වන්න