අත්අඩංගුවේ සිටින රොයිටර් මාධ්‍යවේදීන්ට සම්මාන | දිනමිණ

අත්අඩංගුවේ සිටින රොයිටර් මාධ්‍යවේදීන්ට සම්මාන

මියන්මාරයේ අත්අඩංගුවේ පසුවන රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා  "ජෝර්ජ් පෝක්" සම්මානයෙන් පිදුම් ලබා ඇති බව වාර්තා වේ. 
 
අමෙරිකා එක්සත් ජනපදයේ ගෞරවාන්විත සම්මානයක් වන මෙය නිව්යෝක් හි‘ලෝන්ග් අයිලන්ඞ්’ විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ අගයමින් ප්‍රදානය කරනු ලබයි. 
 
ඒ අනුව වා ලෝන් සහ යෝව් සෝ ඕ යන මාධ්‍යවේදීන් දෙදෙනාට ‘විදෙස් වාර්තාකරණය’ වෙනුවෙන් පිදෙන  ‘ජෝර්ජ් පෝක්’ සම්මානය හිමි වී තිබේ. 
 
මහජන සුබ සිද්ධිය උදෙසා ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයේ යෙදෙමින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උදෙසා කරන ලද සුවිශේෂී සේවයත් ක්ෂේත්‍රය තුළින් ලබාගන්නා ලද විශේෂ ජයග්‍රහණත් යන කරුණු සලකා බලමින් ඊට ගෞරව කිරීමක් ලෙස ‘ජෝර්ජ් පෝක්’ සම්මාන පිරිනමයි. 
 
මේ වන විට මියන්මාර අත්අඩංගුවේ සිටින මෙම මාධ්‍යවේදීන් දෙදෙනා විසින් මියන්මාර හමුදා රකීන් ප්‍රාන්තයේ රොහින්ග්‍යා වැසියන් සමූල ඝාතනය කරන බවට ලොවට අනාවරණය කරන ලද අතර මියන්මාර රජයේ හමුදා බටහිර මියන්මාරයේදී රොහින්ග්‍යා තරුණයන් ඇතුළු පිරිමි පිරිසක් ඝාතනය කළ බවද අනාවරණය කරන ලදී. මෙම සම්මානය සඳහා ඔවුන් සුදුසුකම් ලැබුවේ ‘මියන්මාරයේ සංහාරය (මැසකර් ඉන් මියන්මාර්)’ යනුවෙන් කරන ලද  ගවේෂණාත්මක වාර්තාකරණය වෙනුවෙනි. 
 
එම පුවත් වාර්තා සකසමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට පත් වූ අතර රාජ්‍ය රහස් සොරකම් කළ බවටත් ඒවා එළිදරවු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල කෙරිණි. ඔවුන් දෙදෙනාට එරෙහිව පැවැති නඩුව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉතිහාසයේ පැවැති ඉතිහාස නඩු විභාගයක් බවට පත්විය. 
 
 
 

නව අදහස දක්වන්න